සී එන් එන් තහනම් කිරීම නීත්‍යානුකූලයි

සී.එස්.එන් නාළිකාවේ විකාශන බලපත්‍රය අවලංගු කිරීමට ගත් තීරණය නීතිවිරෝධී නොවන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුව හමුවේ අදහස් දක්වමින්.
මෙම තීරණයට ආයතනයේ මාධ්‍යවේදීන්ගේ ක්‍රියාකාරීත්වය බලපා නොමැති බවත් පරිපාලනමය කටයුත්තකට සම්බන්ධ කරුණක් පමණක් බවත් අමාත්‍යවරයා කියා සිටියා.

කොන්දේසි උල්ලංඝණය කර තිබෙන අවස්ථාවක  බලපත්‍රය අවලංගු කිරීමේ හැකියාව අමාත්‍යාංශයට පවතින බවයි ගයන්ත කරුණාතිලක මහතා කියා සිටියේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් සී.එස්.එන්. නාළිකාවේ විකාශන බලපත්‍රය අවලංගු කිරීම සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා.

ඔබගේ අදහස අපට කියන්න

Close