සුබ දීපවාලි උත්සවයක් වේවා / ජේ සී අලවතුවල

අදට යෙදී ඇති දීපවාලි දිනය වෙනුවෙන් හින්දු බැතිමතුන්ට සුබ දීපවාලි උත්සවයක් වේවායි සුබ පැතුම් පල කරන බව කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ සහකාර සම සංවිධායක ජේ සී අලවතුවල මහතා පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ දීපවාලි දිනය වෙනුවෙන් හින්දු ජනතාවට සුබ පැතීමේ අවස්ථාවකට එක්වෙමින්.
මෙරට තුල සාමයෙන් සහජීවනයෙන් ජීවත්වීමේදී අනෙක් ආගම්වලට ගරු කරමින් කටයුතු කිරීම අතිශය වැදගත් බවද මන්ත්‍රීවරයා මෙහිදී සදහන් කළා.
දීපවාලි දිනයේ දිදුලන ආලෝකයෙන් අදුර දුරුවන්නාක් මෙන් සියලු මතඛේද දුරුකර එක් මවකගේ දරුවන් සේ පෙරට යාමට සියලු දෙනා එක්විය යුතු බවයි ජේ සී අලවතුවල මහතා සදහන් කළේ.
රටේ දරුවන් වෙනුවෙන් සාර්ථක දියුණු රටක් බිහි කිරීමේ රජයේ අරමුණ කරා පෙරට යාමේදී සංස්කෘතික විවිධත්වය ඇගයීමට ලක්විය යුතුයි.
එම විවිධත්වයන් රැක ගනිමින් පෙරට යන හින්දු ජනතාවට සුබ දීපවාලි දිනයක් වේවායි සුබ පැතුම් පල කරන බවද ජේ සී අලවතුවල මහතා සදහන් කළා.

ඔබගේ අදහස අපට කියන්න

Close