‘සුළග අප රැගෙන යාවි’ ජගත් සම්මානයක් දිනයි

තරුණ සිනමාකරුවෙකු වන නුවන් ජයතිලකගේ ‘සුළග අප රැගෙන යාවි’ සිනමා සිත්තම ඉතාලියේ අන්තර්ජාතික සිනමා උළෙලක දී හොඳම චිත්‍රපටය ලෙස සම්මනයට පාත්‍රවී තිඛෙනවා.

මෙත්‍රිකමන්තේ කොර්තෝ'( Metricamente Corto) සිනමා උළෙලට තෝරාගත් සිනමා පට 41ක් අතරින් හොඳම චිත්‍රපටයට හිමි සම්මානය සුළග අප රැගෙන යාවි හිමිකර ගැනීම විශේෂත්වයක්.

මෙම චිත්‍රපටය මීට පෙර ඇමරිකාවේ හූස්ටන් සිනමා උළෙල නියෝජනය කරමින් ලොව ප්‍රකට රෙමී සම්මානයද දිනා ගනු ලැබුවා.

‘සුළඟ අප රැගෙන යාවි’ නිෂ්පාදනය කර ඇත්තේ ප්‍රවීණ ගත්කරු සයිමන් නවගත්තේගමයන් ගේ දියණිය වන මායා නවගත්තේගම යි.

ශ්‍රී ලංකාවේ සිටි ප්‍රවීනතම සංගීතඥයෙකු වන පී එල් ඒ සෝමපාලයන් ගේ පුත් චිත්‍රාල් සෝමපාල සංගීතය සපයා ඇති මෙම චිත්‍රපටයේ කැමරාකරණය ස්ට්රයිනර් ඇඩම්ස් ගෙනි.

දින 16ක් වැනි කෙටි කාලයකින් රූගත කිරීම් නිම කර ඇති මෙම චිත්‍රපටයෙහි සියලුම ශබ්ද දර්ශන තලයෙහිදීම පටිගත කර තිබීම තවත් විශේෂත්වයකි.

ඔබගේ අදහස අපට කියන්න

Close