ජේසුස් වහන්සේගේ සොහොන් ගැබ විවර කෙරේ -Video

ජේසුන් ක්‍රිස්තූන් වහන්සේගේ මෘත දේහය මිහිදන් කර ඇති සුසානය විවර කිරීමට විද්‍යාඥයින් පිරිසක් පියවර ගෙන තිබෙනවා.

මෙමගින් ෙඓතිහාසික වශයෙන් වැදගත්  කරුණු රැසක් හෙලිකර ගැනීමට අපේක්ෂිතයි.

ජේසුන් ක්‍රිස්තූන් වහන්සේගේ සුසානය පිහිටා තිබෙන්නේ ඊශ්‍රායලයේ ජෙරුසෙලම් නගරයේ.  එය වසා දමා තිබුණේ ගලින් කැටයම් කරන ලද මාබල් ඇල්ලූ ආවරණයකින්.

මේ වන විට අදාළ විද්‍යාඥයන් විසින් එම මාබල් ආවරණය ඉවත් කර තිඛෙනවා.  ආවරණය යට විවිධ දෑ බොහෝ ප්‍රමාණයක් තිබූ බවයි ඔවුන් සදහන් කළේ.

ජේසුස් වහන්සේගේ සුසානය විවර කරන ලද ප්‍රථම අවස්ථාව මෙයයි.  විද්‍යාඥයින් දැන් උත්සාහ කරන්නේ සුසානයේ ජේසුස් වහන්සේගේ මෘත දේහය තැන්පත් කර ඇති ගල් පෘශ්ඨය විවෘත කර ගැනීමටයි.

මේ සඳහා දීර්ඝ කාලයක් ගතවනු ඇතැයි විශ්වාස කෙරෙනවා.  ව්‍යාපෘතියට අමෙරිකානු ඩොලර් මිලියන 4ක් පමණ වැය කෙරෙන බවයි වාර්තා වන්නේ.

ඔබගේ අදහස අපට කියන්න

Close