යෝෂිතට ඔස්ටේ්‍රලියාවට යන්න වීසා අහිමි වෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයකු වන  යෝෂිත රාජපක්ෂ මහතා ඕස්ටේ්‍රලියාව බලා යෑම සඳහා වීසා ලබා ගැනීමට  ඕස්ටේ්‍රලියානු තානාපති කාර්යාලයෙන් සිදුකළ ඉල්ලීම ප්‍රතික්ෂේප වී තිබෙනවා.

තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරන්නේ යෝෂිත රාජපක්ෂ මහතාට එමහතාට එරෙහිව පවතින චෝදනා මෙහිදී සැලකිල්ලට ගෙන ඇති බවයි. සී.එස්.එන්. ආයතනය හරහා මුදල් විශුද්ධිකරණය, අත්අඩංගුවට පත් වී ඇප මත සිටීම හා පාදයේ ආබාධයක් පවතින බව අධිකරණය හමුවේ පවසා ඊට දින 4 කට පසු ඔහු කිලෝමීටර 42ක දුරකින් යුතුවූ කලම්බෝ මැරතන් තරගාවලියට සහභාගී වීම යන කරුණු පිළිබදවද මෙහිදී අවධානය යොමුකර ඇති බවයි අදාළ වාර්තා පවසන්නේ.

තමාට සැත්කමක් කිරීමට තරමේ ආබාධයක් දණහිසේ සහ වළලුකරේ තිබෙන බැවින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වෙනුවෙන් විදේශගත වීම සඳහා අවසර ලබා දෙන ලෙස යෝෂිත රාජපක්ෂ මහතා අධිකරණයෙන් ඉල්ලීමක් සිදුකළා.
ඒ අනුවයි ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණය මගින් මුදා හැරුනේ.

 

ඔබගේ අදහස අපට කියන්න

Close