ලංකාව ඇතුලු රටවල් 4ක් පිටසක්වල ජීවය සොයා පරීක්ෂණ අරඹයි

ශ්‍රී ලංකාව, ඉන්දියාව, චීනය හා ජපානය යන රටවල් එක් වී ජීවයේ සම්භවය සහ විශ්වයේ සැරිසරන ක්ෂුද්‍රජීව අංශු පිළිබඳව පර්යේෂණ කටයුතු ඇරඹීමට කටයුතු යොදා තිඛෙනවා.’මිහි මත ජීවයේ සම්භවයට විශ්වයේ සැරි සරන ක්ෂුද්‍රජීව අංශු හේතු විය හැකිය’ යන මතය තහවුරු කරගැනීම මේ පර්යේෂණ කටයුතුවලින් වැඩිදුරටත් අපේක්ෂා කරන බව සදහන්.

මේ සම්බන්ධයෙන් නූතන යුගයේ තාරකා ජීව විද්‍යාවේ පියා ලෙස හඳුන්වනු ලබන මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා පැවසුවේ බටහිර මතවාදය අබිබවා මතු වන ආසියාතික සොයාගැනීම්වලට හිස නැමීමට බටහිර විද්‍යාඥයන්ට ළඟදීම සිදු වනු ඇති බවයි.

මෙයට හේතුව මැවුම්වාදි ආගමික මතවාදවලට වහල් වූ බටහිර විද්‍යාඥයන් පෘථීිවියෙන් එපිට ජීවීන් සිටිය හැකි බව පිළිගැනීමට දක්වන අකැමැත්ත බවද මහාචාර්යවරයා පෙන්වා දෙයි. එසේම වාර්ගික අගතිය හේතු කොටගෙන බටහිර විද්‍යාඥයන් ආසියාතික මතයන්ට එ‍රෙහි වීමේ ප්‍රවණතාවක්ද පවතින බව ඔහු පවසයි. එහෙත් ඉන්දියාව, චීනය හා ජපානය බෞද්ධ හා වේද දර්ශනවල ආභාසය මත පදනම් වූ රටවල් වන බැවින්, ඒ රටවල විද්‍යාඥයන් සතු පුළුල් චින්තනය නිදහස් මතවාද ඔස්සේ විශ්වය දෙස බැලීමට ඉඩ සලසන බවද පවසන ඔහු, මෙය පිටසක්වළ ජීවීන් වෙසෙන්නේද යන්න පිළිබඳවද විවෘත මනසකින් යුතුව පර්යේෂණ කිරීමට හොඳ පෙලඹවීමක් ලෙස සලකයි.

ඉතාලි ජාතික විද්‍යාඥයකු වූ ජෝඩානෝ බ්රූනෝ 17 වැනි සියවසේදී පුලුස්සා දැමුවේ විශ්වයේ ජීවය සහිත ග්‍රහලෝක තවත් පවතින බවට මතයක් පළ කළ නිසා බවද ආවර්ජනය කළ මහාචාර්ය වික්‍රමසිංහ පෙන්වා දෙන්නේ බටහිර විද්‍යාඥයන් තවමත් සිටින්නේ ඒ මානසික සීමා තුළ බවයි.(silumina)

ඔබගේ අදහස අපට කියන්න

Close