ලබන සතියේ මම එනවා / චෝදනාවටමුහුණ දෙනවා / අර්ජුන් මහේන්ද්‍රන්

තමන් යළි ලබන සතියේ දිවයිනට පැමිණෙන බව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා පවසනවා.
ඔහු කියා සිටියේ තමන් විවාහ මංගල උත්සවයකට සහභාගීවීම සදහා මේ වන විට සිංගප්පූරුවට පැමිණ සිටින බවයි.
අර්ජුන් මහේන්ද්‍රන් මහතා මේ බව කියා සිටියේ ඔහු රටින් පලාගොස් ඇතැයි පලවන වාර්තා පිළිබද ජාතික පුවත්පත් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්.
කවර චෝදනා එල්ලවුවද තමන් නිදොස් බවයි ඔහු කියා සිටියේ.
එබැවින් යළි මෙරටට පැමිණ ඕනෑම චෝදනාවකට මුහුණ දීමට සූදානම් බවද අර්ජුන් මහේන්ද්‍රන් මහතා අවධාරණය කර තිඛෙනවා.

ඊයේ නිකුත් කෙරුණු බැදුමකර සම්බන්ධ කෝප් වාර්තාවෙන් මහේන්ද්‍රන් මහතා වගකිවයුත්තා ලෙස නම් කර තිඛෙනවා.
ඒ අනුව ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසයි රජයට බලපෑම් එල්ල වන්නේ.
ඊට අදාළව පාර්ලිමේන්තු විවාදයක්ද පැවැත්වීමට නියමිතයි.

මේ අතර තමන් රටින් පලාගිය බවට සිදුකරන ප්‍රකාශවලට මහේන්ද්‍රන් මහතා ට්විටර් ඔස්සේ ප්‍රතිචාර පලකර තිබුණා.

One thought on “ලබන සතියේ මම එනවා / චෝදනාවටමුහුණ දෙනවා / අර්ජුන් මහේන්ද්‍රන්

  • October 29, 2016 at 5:05 pm
    Permalink

    Mau rata wennbehe! Ohu lankawe purawesiyek nowananisa!

    Reply

ඔබගේ අදහස අපට කියන්න

Close