ආවා ගෘප් කල්ලියේ 2ක් අත්අඩංගුවට

යාපනයේ සරිසරණ ..ආවා ගෲප්.. සාමාජිකයින් ලෙස සැකකෙරෙණ පුද්ගලයින් දෙදෙනෙකු 30 දා දහවල් කඩු දෙකක්ද සමග යාපනය පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
යාපනයේ අතුරු මාර්ගයක් ඔස්සේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි සැකකටයුතු පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් පරීක්ෂා කිරීමේදී ඔවුන් ලග තිබී කඩු දෙකක් සොයා ගැනීමෙන් පසුවයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ප්‍රශ්න කිරීමේදී ඔවුන් පවසා ඇත්තේ නාට්‍යයක් පුහුණුවීම පිණිස මෙම කඩු දෙක රැගෙන යන බවයි.
නමුත් යාපනය පොලීසිය කියා සිටින්නේ එම කඩු දෙක නාත්‍ය සදහා භාවිත කරණ සෙල්ලම් කඩු නොව පුද්ගලයින්ට හානි කළ හැකි අන්දමේ විශාල ප්‍රමාණයේ කඩු බවයි.
යාපනයේදී පසුගිය සතියේ පොලීසියට හමුවූ කඩු කීපයක් සමග සසදා බලන විට කඩු දෙක හා පෙර අත් අඩංගුවට ගත් කඩු වල සමාන බවක් දක්නට ලැබෙන බවද යාපනය පොලීසිය අනාවරණ කළා.
යාපනය පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වාගෙන යයි.

W3Schools

ඔබගේ අදහස අපට කියන්න

Close