ඉතාලි භූ කම්පනයෙන් දේවස්ථාන රැසකට හානි

ඉතාලියට බලපෑ ඒකක 6 යි දශම 6ක භූ කම්පනය හේතුවෙන් රෝමයේ ප්‍රධාන පෙළේ දේවස්ථාන රැසක් විනාශයට පත්ව තිබෙනවා. රොයිටර් පුවත් සේවය වාර්තා කළේ රොමයේ බෙනඩික්ට් බැසිලිකා දේවස්ථානයද විනාශයට පත්වූ ස්ථාන අතර වන බවයි. රෝම නගරයේ තවත් ගොඩනැගිලි රැසක්ම මෙහිදී විනාශ වුණා. මෙය දින 3ක් ඇතුලත් ඉතාලියට බලපෑ 3න්වන ප්‍රබල භූ කම්පනයයි. එම භූ කම්පනය පොලව මට්ටමේ සිට කිලෝමීටරයකට ආසන්න ගැඹුරකින් සිදුවීමද හානිකර තත්ත්වය ඉහල යාමට හේතුවී තිබෙනවා. මෙමගින් සිදුවූ හානි පිලිබද නිල වාර්තා අනාවරණ කර නැහැ.

ඔබගේ අදහස අපට කියන්න

Close