ඉතාලි භූ කම්පනයෙන් ලාංකිකයින්ට හානියක් නෑ – විදේශ අමාත්‍යාංශය

ඉතාලියේ රෝම නගරය ආශ්‍රීතව හටගත් භූ කම්පනයෙන් කිසිදු ශ්‍රී ලාංකිකයකුට ජීවිත හෝ දේපල හානි සිදුව නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා සොයා බැලීම් සිදුකරන බවයි. ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට අවශ්‍ය නම් 39 342 යි 125 යි 47 යි 77 යන දුරකථන අංකයෙන් රෝම නගරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඇමතිය හැකියි. මෙම භූ කම්පනය හේතුවෙන් රෝම නගරයේ දැවැන්ත ගොඩනැගිලි රැසක්ම විනාශයට පත්වුණා. ඒ අතරට රෝමයේ ශාන්ත බෙනඩික් බැසිලිකා දෙව්මැදුරේ කොටසක්ද ඇතුලත්. මෙමගින් පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇතැයි වාර්තා පලවුණද ඒවා නිල වශයෙන් තහවුරු කර නැහැ. විනාශයට පත්වූ ස්ථාන ආශ්‍රීතව ඉතාලි සහන සේවා කණ්ඩායම් මේ වන විට මෙහෙයුම් සිදුකරනවා. දින 3ක් තුල ඉතාලියට බලපෑ 3න් වන ප්‍රබල භූ කම්පනය මෙයයි.

ඔබගේ අදහස අපට කියන්න

Close