නොරොච්චෝලේට යළි සම්පූර්ණයෙන්ම පණ එයි

නොරොච්චෝලේ ගල් අඟුරු විදුලි බලාගාරයේ සියලු ජනන යන්ත්‍ර හෙට දිනය වන විට  වනවිට පණගැන්වීමට හැකිවනු ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය අද නිවේදනය කළා.

ඒ අනුව මේ වනවිට ජනන යන්ත්‍ර දෙකක් ජාතික පද්ධතියට එක්කර ඇති අතර, ඉතිරි ජනන යන්ත්‍රයද හෙට වනවිට යථා තත්ත්වයට පත් කිරීමට හැකිවනු ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

අධි බලැති විදුලි රැහැන් පද්ධතියේ ඇති වූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරය පසුගිය 15 වනදා සිට සම්පූර්ණයෙන් අක්‍රිය විය.

ජනන යන්ත්‍ර 3කින් සමන්විත නොරොච්චෝලේ බලාගාරයෙන් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරෙන ධාරිතාව මෙගාවොට් 900ක්.

මෙවර බලාගාරයේ බිද වැටීම හේතුවෙන් දින 2ක් තුල පමණක් සුලු වශයෙන් විදුලිය කප්පාදුවක් සිදුකරනු ලැබුවා.

ඔබගේ අදහස අපට කියන්න

Close