බංග්ලාදේශයට එෛතිහාසික ජයක්

ඉතිහාසයේ පලමු වරට එංගලන්තය පරාජයට පත් කරමින් ටෙස්ට් තරග ජයග්‍රහණයක් හිමිකර ගැනීමට බංග්ලාදේශ ක්‍රිකට් කන්ඩායම අද සමත්වුණා. මීර් පූර් හී පැවැති ටෙස්ට් තරගයේදී එංගලන්තය ලකුණු 108 කින් පරාජියට පත් කිරීමත් සමගයි. එය මෙතෙක් ඉතිහාසයේ පැවැති ටෙස්ට් තරග 10කදී බංග්ලාදේශය එජගලන්තය පැරදවූ පලමු අවස්ථාවයි. අනෙක් තරග 9  ම එංගලන්තයයි ජය ලබා තිබුණේ. මෙම තරගයේදී පලමු ඉනිම වෙනුවෙන් බංග්ලාදේශය ලකුණු 220ක් ලබාගත්තා. එංගලන්තය පලමු ඉනිම වෙනුවෙන් ලකුණු 244ක් ලබාගත්තා. ඒ අනුව දෙවන ඉනිමේ ලකුණු 24ක් පසුපසින් ආරම්භ කළ බංග්ලාදේශ ඉනිම අවසානයේදී සටහන් වූයේ ලකුණු 296 ක් ලෙසයි. ජයග්‍රහණය සදහා දෙවන ඉනිමේ ලකුණු 273ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත පිල සියලු දෙනා දැවී ලකුණු 164 ක් පමණයි ලබාගත්තේ. බංග්ලාදේශයේ මෙහෙදි හසන් තරගය පුරා කඩුලු 12ක් දවා ගත්තා.

bangladesh-1 bangladesh-2 bangladesh-3 bangladesh-4

ඔබගේ අදහස අපට කියන්න

Close