රාවණ පරදා රාම යළි ගිය හැටි ගැන ඉන්දියාවේ මතගැටුමක්

රාමායණයට අනුව දසිස් රාවණා පරාජය කළ බව කියන රාම යලි අයෝධ්‍යාවට යාම සදහා ගත කළ බව කියන කාලය පිළිබද ඉන්දියාවේ සංවාදයක් හටගෙන තිබෙනවා. පුරාවෘත්තවලට අනුව මේ සදහා දින 20ක් ගතවූ බවයි ප්‍රකාශ වී ඇත්තේ. එහෙත් මීට වසර දහස් ගණනකට පෙර දින 20 ක් තුල කිලෝමීටර් 3000 ක දුරක් ගමන් කරනු ලැබුවේ කවර ආකාරයකින්දැයි ඇතැම් පිරිස් ප්‍රශ්න කර තිබෙනවා. ඒ අනුව එවක පැවැති තත්ත්වය අනුව දිනකට කිලෝමීටර 150 ක දුරක් ගමන් කිරීම අපහසු තත්ත්වයක් බවයි ඇතැම් පිරිස් තර්ක කර ඇත්තේ. කෙසේ වෙතත් තවත් පිරිසක් පෙන්වා දෙන්නේ රාම සටනින් ජය ගැනීමෙන් පසු යළි තමිල්නාඩුව හරහා අයෝධ්‍යාවට යාමට දින 66ක් ගතව ඇති බවයි. එහෙත් එය එෛතිහාසික කරුනු සමග ගැටෙන තත්ත්වයක් ලෙසයි ඇතමුන් හදුන්වන්නේ. මේ සදහා ඉදිරිපත් කර ඇති තවත් මතයක් වන්නේ රාම ඇතුලු පිරිස අසුන් මත නැගී මෙම කිලෝමීටර 3000  දින 20ක් තුල ගමන් කළ බවයි. තවත් පාර්ශවයක් පෙන්වා දෙන්නේ මේ සදහා වසරක් සහ දින 18 ක කාලයක් ගතව ඇති බවයි. දේවවාදීන් පිරිසක් පෙන්වා දෙන්නේ මේ සදහා රාවණා රජුට අයත්ව තිබූ දඩු මොණර යන්ත්‍රය රාම විසින් රැගෙන ගෙන ගිය බවයි.ඔහු විසින් ඉන්දියාවේ දකුනු දිග සුන්දරත්වය සීතා කුමාරියට පෙන්වීමට මෙම යානයා භාවිතා කළ බවට වන මතයක්ද තවක් පිරිසක් සදහන් කර තිබෙනවා. කෙසේ වෙතත් පුරාවෘත්ත ලෙසින් සැලකෙන මෙම කිසිදු කරුණක් සනාථ කිරීමට හැකි සාක්ෂියක් මෙතෙක් ඉදිරිපත්වී නැහැ. රාවණා රජුගේ සොයුරු විභීෂණයන් විසින් ලබාදුන් මෙම යානයෙන් රාම කුමරු නික්මුණු බවත් මෙම අදහස්වල ඇතුලත්. කෙසේ වෙතත් දැඩි දේවවාදීන් පවසන්නේ රාම දෙවියකු බැවින් ඔහු ගමන් කළ දුර හෝ කාලය පිළිබද වදවිය යුතු නැති බවයි.

ඔබගේ අදහස අපට කියන්න

Close