තවත් රුසියානු සම්බැරීනයක් බ්‍රිතාන්‍ය මුහුදේ

තවත් රුසියානු න්‍යෂ්ඨික සබ්මැරීනයක් අයර්ලන්ත මුහුදේදී දර්ශනයවී තිඛෙනවා.
ඩේලි මේල් වෙබ් අඩවිය වාර්තා කළේ මේ සමග බ්‍රිතාන්‍ය හා රුසියාව අතර මතභේදාත්මක තත්ත්වය තවත් වර්ධනය වී ඇති බවයි.
ඉකුත් සතියේද රුසියානු න්‍යෂ්ඨික සබ්මැරීන හා නෞකාවක් එංගලන්ත මුහුදට ඇතුලු වූ බවට බ්‍රිතාන්‍ය චෝදනා එල්ල කළා.
මේ අතර සිරියාවේ මෙහෙයුම් සදහා රැසියාව මැදිහත්වීම හා දැවැන්ත ප්‍රහාර එල්ල කිරීමද බ්‍රිතාන්‍යයේ විරෝධයට ලක්ව තිඛෙනවා.
මෙම සම්බැරීනය මධ්‍යධරණි මුහුද හරහා සිරියාවට ගමන් කරන බවටයි සැක මතුව ඇත්තේ.
ඒ සිරියාවේ මෙහෙයුම්වලට දායකවීම සදහායි.
කෙසේ වෙතත් රුසියානු යුධ නෞකා හා සබ්මැරීන බ්‍රිතාන්‍ය මුහුදට පිවිසීම ගැටුමක් ඇති කර ගැනීමේ හා බලය පෙන්වීමේ අපේක්ෂාවෙන් සිදුකරන්නක් බවටයි බ්‍රිතාන්‍ය පවසන්නේ
ඊට මුහුනධීම සදහා බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ ප්‍රමාණය වර්ධනය කර තිඛෙනවා.

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

ඔබගේ අදහස අපට කියන්න