කුක් නිදහසට කරුණු කියයි

බංග්ලාදේශයට එරෙහි දෙවන ටෙස්ට් තරගයේ පරාජයට හේතුව දග පන්දු යවන්නන් තම කණ්ඩායමට එරෙහිව දැක්වූ දක්ෂතා බව එංගලන්ත ක්‍රිකට් නායක අලෙස්ටයාර් කුක් පවසනවා.
ඔහු පරාජයෙන් පසුව මාධ්‍ය වෙත කියා සිටියේ බංග්ලාදේශ පිලේ දග පන්දු යවන්නන් විශිෂ්ඨතම මට්ටමක පසුවන බවයි.
දග පන්දු යවන්නන් හමුවේ එංගලන්ත පිලේ දුර්වලතා මෙහිදී යළිත් කැපී පෙනුන බවද ඇලෙස්ටයාර් කුක් මෙහිදී ප්‍රකාශ කළා.
ඊයේ නිමාවට පත්වූ ටෙස්ට් තරගයේදී බංග්ලාදේශය වෙනුවෙන් මෙහෙදි හසන් දැක්වූ දස්කම් කැපී පෙනුනා.
ඔහු ඉනිම දෙකේදී දවාගත් එංගලන්ත කඩුලු ගණන 12ක්.
ඒ ඉනිමකදී කඩුලු 6 බැගින් .
දෙවන ඉනිමේදී ලකුණු 273 ක ඉලක්කයක් හඹා ගිය එංගලන්තය ලකුණු 164 කට සීමා කරන්නට ඔහු සමත් වුණා.

ඔබගේ අදහස අපට කියන්න

Close