නාමල්ගේ ක්‍රීෂ් ගණුදෙනුව් FCID පරීක්ෂණ අවසන්

රගර් ක්‍රීඩාව ප්‍රවර්ධනයට බව කියමින් ක්‍රිෂ් සමාගමෙන්  රුපියල් මිලියන 70 ක මුදලක් ක් ලබාගෙන අවභාවිතා කළැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පවරා ඇති නඩුවේ උදෘත නීතිපති වෙත යවා ඇති බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද සදහන් කළා.
ඒ සිද්ධියට අදාළ නඩුව අද කැදවූ අවස්තාවේදීයි.

ඒ අනුව විමර්ශන අවසන් බවත් වෙනත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නොමැති බවත් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන් බවයි අප අධිකරණ වාර්තාකරු සදහන් කළේ.

නඩුව මාර්තු 20 වැනි දා යළි කැඳවිමට නියමිතයි.

මේ අතර රුපියල් ලක්ෂ 412 ක මුදල් හා දේපල හිමිකාරිත්වය ලබාගත් ආකාරය හෙළි නොකිරිමේ චෝදනාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාට අල්ලස් කොමිසම පවරා ඇති නඩුවද අද කල් දැමුණා.

නඩුව ජනවාරි 31 වැනි දා යළි කැඳවිමට නියමිතයි.

ඔබගේ අදහස අපට කියන්න

Close