මහින්දගේ නව පක්ෂයේ නම / ලකුණ තහවුරුයි

ඒකාබද්ධ විපක්ෂයේ නව දේශපාලන පක්ෂය  එළිදැක්වීමට සැලසුම් කරමින් පවතින බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරනවා.
එය නම් කර ඇත්තේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙසයි,
එලඹෙන නොවැම්බර් 18 වනදා නව පක්ෂය එළිදක්වනු ලබන්නේ හිටපු ජනපතිගේ ජන්ම දිනය මුල් කර ගනිමින් බවද අදාළ වාර්තා හෙළි කළා. ඊට අදාළ නිල උත්සවය අනුරාධපුරයේදී පැවැත්වීමට එකගතාවය පලවී තිඛෙනවා.
කෙසේ වෙතත් නව දේශපාලන පක්ෂයේ නායකත්වය දරනු ලබන්නේ හිටපු ජනාධිපතිවරයාදැයි මෙතෙක් තහවුරු කර නැහැ.
කෙසේ වෙතත් එහි ප්‍රධාන පෙළේ මෙහෙයවීම මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදුකරනු ඇති බවටයි වාර්තා පලවන්නේ.

මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය අතර රහස් එකගතා සාකච්ජා ක්‍රියාත්මක වන අතර එම සාකච්ජාවල අවසන් තීරණය අසුබදායී වුවහොත් නිසැක වශයෙන්ම නව පක්ෂය බිහිවනු ඇති.

W3Schools

ඔබගේ අදහස අපට කියන්න

Close