රජ මාළිගාවක පෙනුම දිස්වන පළිගු මැණිකක් රත්ගමින්

අභ්‍යන්තරයෙන් රජ මාළිගයක පෙනුම දිස්වන  කිලෝ 15ක් බරැති පළිඟු මැණිකක් රත්ගම සිරි තිලකරත්න මාවතේ පදිංචි මැණික් ව්‍යාපාරිකයකු විසින් මිලදී ගෙන තිඛෙනවා.

දැනට වසර ගණනාවකට පෙර මේ පළිඟු මැණික රත්නපුර ප්‍රදේශයේදී තමා මිලදී ගත් බවත් පසුගියදා පරීක්ෂා කිරීමේදී මෙයින් විවිධ කැටයම් සහිත රාජ මාලිගාවක්, වතුර මලක් ඇතුළු කාමර සහිත විදුලි පහන් දැක ගැනීමට හැකි වී තිබෙන බවත් මැණික් ව්‍යාපාරික එල්. එම්. කරුණාවංශ මහතා සදහන් කරනවා.

වසර 20ක කාලයක සිට බලපත්‍ර සහිතව තමා විසින් මැණික් මිලදී ගැනීම සිදු කළත් මෙවැනි පළිඟු මැණිකක් මින් පෙර නොදුටු බවත් තමාගේ වැටහීම අනුව මෙය මිල කළ නොහැකි මැණිකක් බවද තමාට පෙනී යන බවත් කරුණාවංශ මහතා සදහන් කළා.

ඔබගේ අදහස අපට කියන්න

Close