ලෝකයේ තරුණයන් අතර ලංකාවේ තරුණයින්ට 31වන තැන

2016 ගෝලීය තරුණ සංවර්ධන දර්ශකයේ ශ්‍රී ලංකාව 31 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව සිටිනවා.

2016 වසරේ දී පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල තරුණයන්ගේ රැකියා,අධ්‍යාපනය, සෞඛ්‍ය, සභ්‍යත්වය හා දේශපාලනික ක්‍රියාකාරකම් ආශ්‍රයෙන් මෙම දර්ශකය සකස් කර තිඛෙනවා.  මෙවර දර්ශකයේදී ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ එම තත්ත්වය විශාල වර්ධනයක් අත්කර ගැනිමට සමත්ව තිබීම විශේෂත්වයක්.

එසේ වුවද ඉන්දියාව මෙම දර්ශකයේ 133වන ස්ථානයේ පසුවන අතර  නේපාලය (77), භූතානය (69)  ස්ථානය දිනා ගෙන සිටිනවා.

මෙම දර්ශකයේ ප්‍රථම ස්ථානයේ පසු වන්නේ ජර්මනියයි. ඉන් පසු මුල් රටවල් දහය අතර ඩෙන්මාර්කය, ඕස්ට්‍රේලියාව, ස්ව්ට්සර්ලන්තය,එක්සත් රාජධානිය, නෙදර්ලන්තය, ඔස්ට්‍රියාව, ලක්සම්බර්ග්,පෘතුගාලය සහ ජපානය සමත්ව සිටිනවා.

මෙම දර්ශකයේ ලකුණු ලබාදීම සිදු කැරෙන්නේ රටවල් 183ක් අතර විවිධ මානයන්ගෙන් කෙරෙන දත්ත පදනම් කර ගෙනයි.

ඔබගේ අදහස අපට කියන්න

Close