හාවඩ් රොබෝ තරගයෙන් ලංකාවේ රොබෝ ලෝකයෙන් දෙවනි තැනට

මෙරිකා එක්සත් ජනපදයේ හාවර්ඩ් විශ්ව විද්‍යාලය මගින් වාර්ෂිකව පවත්වනු ලබන ” The Soft Robotics Toolkit Design competition 2016″ තරඟයෙන් දෙවන ස්ථානය ශ්‍රී ලංකාවේ  හිරෝෂන් ගුණවර්ධන හිමි කර ගෙන තිඛෙනවා.

ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ නිමාලි ටී මැදගෙදර සහ අචින්ත මධුශංක යන ඉංජිනේරුවරුන්ගේ උපදෙස් මත හස්ත සංඥා මගින් ක්‍රියාකරන රොබෝ යන්ත්‍රය නිර්මාණය කිරීමයි ඔහුගේ ජයග්‍රහණයට හේතුවී ඇත්තේ.

විවෘත විශ්ව විද්‍යාලයේ අවසන් වසර ඉංජිනේරු ශිෂ්‍යයකුව සිටියදී හස්ත සංඥා යොදාගෙන රෝබෝ දුරස්ථ පාලනය පිළිබඳ අදහස මුලින්ම ඉදිරිපත් කළ බව ඔහු සදහන් කළා.

හිරෝෂන් ගුණවර්ධන

ඉන් අනතුරුව හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ තරඟය වෙනුවෙන් එය වර්ධනය කළ බවත් හිරෝෂන් ගුණවර්ධන පැවසුවා.

විශේෂයෙන්ම ඉබෝලා රෝගය සම්බන්ධයෙන් 2014 දී ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ ‘මාර්ග සිතියම’ සිය සොයාගැනීමට මූලිකම හේතුව බවයි ඔහු බී බී සී පුවත්සේවයට කියා සිටියේ.

“ඉබෝලා කියන වෛරස් එක මූලික අවධියේදී අපි අඳුරගෙන තිබුණේ නෑ කොහොමද බෝවෙන්නේ කියලවත්. ඒ වගේ අවස්තාවක දින විස්සක් ඇතුලත සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවකයන් පමණක් 333 දෙනෙක් මැරිලා තිබුණ,”

“මුලින්ම මම ඉදිරිපත් කළේ, රොබෝ අතක්, අතේ චලනය හඳුනාගෙන ඈත තියන රොබෝ කෙනෙක් පාලනය කරන ව්‍යාපෘතියක්.”

හස්ත සංඥා මගින් ක්‍රියා කරන නව රොබෝ යන්ත්‍රය

මීට ඉහතදී ස්ලෝවෙනියාවේ ‘Academic Economic Congress’ සංවිධානය කළ මේ වසරේ නව නිර්මාණ තරඟයේදී සිය නිර්මාණයකට ප්‍රයෝගික අංශයෙන් ප්‍රථම ස්ථානය හිමි වූ බවත් හිරෝෂන් ගුණවර්ධන වැඩිදුරටත් කියා සිටියා.

ඔබගේ අදහස අපට කියන්න

Close