මන්ත්‍රීගේ බලය පෙන්වමි කී සජින්ගේ ලේකම්ට අත්හිටවූ සිර දඩුවම්

ස්ථාන මාරුවක් සම්බන්ධයෙන් දකුණු පලාතේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාට ලිපියකින් තර්ජනයකර බියවැද්දිමේ චෝදනා දෙකකට වරදකරුවු හිටපු මන්ත්‍රී සජින්වාස් ගුණවර්ධන මහතාගේ ලේකම්වරයා වන කිර්ති ලොකු ලියන නැමැත්තාට මාතර මහධිකරණය විසින් රුපියල් ලක්ෂ 2ක දඩමුදලක් හා අත්හිටවූ සිර දඩුවමක් අද නියම කෙරුනා.

2012-05-25- දින නියෝජ්‍ය පොලිස්පතිවරයාට  ලිපියක් එවමින් “මාගේ මන්ත්‍රිවරයාගේ දේශපාලන බලය කොතෙක්ද යන්න ඔබට යම් අවස්ථාවකදි පෙන්වා දිමට අප සැලසුම් කරමින් සිටින බව මින් දැනුම් දෙමි” යනුවෙන් ලිපියක් එවමින් තර්ජනයකර බිය ගැන්විම යන චෝදනාවලට ඔහු වරදකරු බවයි අධිකරණය ප්‍රකාශ කළේ.

වරදකරුට වන්දි මුදලට අමතරව පළමු චෝදනාවට බරපතල වැඩ ඇතිව වසර 18කට පැනවු සිරදඩුවම වසර 7කට අත්හිටවු අතර දෙවන චෝදනාවට පැනවු මාස 6ක සිර දඩුවම වසර 7කට අත්හිටවනු ලැබ තිබෙනවා.

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

ඔබගේ අදහස අපට කියන්න