හිලරිගේ ඊ මේල් ගැටලුවෙන් වැඩි වාසිය ට්‍රම්ප්ට

සිය ප්‍රතිවාදී අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ගේ ඊ මේල් අවභාවිතය සම්බන්ධයෙන් එෆ් බී අයි ආයතනය වැදගත් තොරතුරු රැසක් හෙළිකරගෙන ඇති බව අමෙරිකානු ජනපති ධූර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඔහු මේ බව සදහන් කළේ මිචිගන්හීදී පැවැති ජනහමුවක් අමතමින්.
හිලරි ක්ලින්ටන් මහත්මියගේ ඊ මේල් පණිවිඩවලින් ඇයගේ සැබෑ තත්ත්වය හෙළිකරන රන් හා සමාන තොරතුරු ලැබී ඇති බවට තමන්ට විශ්වාසයක් ඇති බවද ට්‍රම්ප් මහතා මෙහිදී ප්‍රකාශ කළා.
ඇය විසින් මකා දමා ඇති ඊ මේල් පණිවිඩ 33,000ක්ද වහාම පරීක්ෂාවට ලක් කරන ලෙසයි ඔහු ඉග්ගා ඇත්තේ.
මේ අතර හිලරි ක්ලින්ටන් මහත්මිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට එෆ් බී අයි ආයතනය ගෙන ඇති පියවර පිළිබද ධවල මන්දිරය අදහස් දක්වා තිඛෙනවා.
ඒ එම තීරණයට පක්ෂ හෝ විපක්ෂ නොවන බව පවසමින්.
කෙසේ වෙතත් පවත්වා තත්ත්වය තුල ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ජන්ද පදනම වේගයෙන් ඉහල යන බවයි මත විමසුම් පවසන්නේ.

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

ඔබගේ අදහස අපට කියන්න