පෘථවිය විනාශයන් 5ක් අභියස / විද්‍යාඥයන් කියයි

පෘථවිය සහ ජීවය සම්පූර්ණයෙන්ම විනාශවිය හැකි ආකාරයේ අවධානම් 5කට පෘථවිය මුහුණපා සිටින බව විද්‍යාඥයන් කන්ඩායමක් පෙන්වාදී තිඛෙනවා.
ෆෝබ්ස් සගරාව ප්‍රකාශ කළේ මෙම අවධානම් තත්ත්වයන් සුලු වශයෙන් පාලනය කිරීම හැර වැලැක්වීමටද කිසිවකුට හැකියාවක් නොමැති බවයි.

දැවැන්ත උල්කාෂ්මයක් පෘථවියේ ගැටීම – අනන්ත විශ්වය පුරා අසීමාන්තිකව උල්කාපාත පවතින බැවින් මෙවන් දෙයක් සිදුවීම සාමාන්‍ය තත්ත්වයක් ලෙසයි විද්‍යාඥයන් හදුන්වන්නේ.

Comets

පෘථවිය මත මේ වන විට පවතින න්‍යෂ්ඨික අවි ප්‍රමාණය 9920ක්. ඒ අතරින් 4700 ක් අමෙරිකාවටත් 4200 ක් රුසියාවටත් අයත්වනවා. මෙම අවි මගින් පෘථවිය දහස් වරක් පුපුරුවා හැරිය හැකි බවයි විද්‍යාඥයන් පවසන්නේ.

Nuclear war

අති බිහිසුණු සුළි කුණාටු වාර්ෂිකව පෘථවියට බලපෑම් එල්ල කරනවා.එවන් ප්‍රබල සුළි කුනාටුවකින් පෘථවියේ ජීවය විනාශවිය හැකි බවයි තවත් මතයක් වන්නේ.

Climate change

අති බිහිසුණු වෛරසයකින් පෘථවියේ ජීවයට බලපෑම් එල්ලවිය හැකි බවද විද්‍යාඥයන් පෙන්වා දෙනවා. සාර්ස් ,මර්ස්, වසූරිය වැනි තත්ත්වයන් ඊට උදාහරණ ලෙසයි පෙන්වා දී ඇත්තේ.

Pandemic

දැවැන්ත ගිනි කදු එකවර පිපිර යාමෙන් පෘථවි ජීවය විනාශවිය හැකි බවද තවත් ප්‍රබල මතයක්.

Super volcano

ඔබගේ අදහස අපට කියන්න

Close