මතභේදයට ලක්වූ නල්ලතන්නියේ ඉදිකිරීම නවතී

නල්ලතන්නිය පීක්ෆීල්ඩ් වතුයායේ ඉදිකිරීමට යෝජිත නිවාඩු නිකේතනයේ ඉදිකිරීම් කටයුතු මධ්‍යම පරිසර අධිකාරිය මගින් අත්හිටුවා තිබෙනවා.

එම වතුයායේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් තමන්ට ඒ පිළිබඳව උපදෙස් ලබාදුන් බවයි, එම වතුයායේ වතු අධිකාරී දිෂාන් සෙනවිරත්න මහතා සදහන් කළේ.

මාවුස්සාකැලේ ජලාශයට ඉහළින් මරේ දිය ඇල්ලට නොදුරු එම වතුයායේ තිබූ නිවාඩු නිකේතනය කඩා ඉවත් කර ඒ වෙනුවට අලුතින් නිවාඩු නිකේතනයක් ඉදිකිරීම සදහා ජාතික ගොඩනැගිලි පර්යේෂන ආයතනය සහ අඹගමුව ප්‍රාදේශීය සභාවෙන් ඒ සදහා අනුමැතිය ලබාදී තිබුණා.

ඩුබායි රාජ්‍යයේ අයිතිකරුවෙකුට සමාගමක විවිධ ජාතීන් නියෝජනය කරන පිරිසක් එම අයිතිකරුගේ සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ ද සිටින බවත්,  එම අයිතිකරු දිවයිනට පැමිණෙන අවස්ථාවල ඔහුට රැදීසිටීමට නිවාඩු නිකේතනයක් නොමැති නිසා ඔහුට අයත් අක්කර 82කින් යුත් මෙම වතුයායේ සුන්දර පරිසරයක තම නිවාඩු නිකේතනය ඉදිකිරීමට ඔහු විසින් සැලසුම් කර තිබූ බවත් හෙලිව තිබෙනවා.

ඔහු දිවයිනට පැමිණෙන සෑම අවස්ථාවකම හෙලිකොප්ටරයක් මගින් පැමිණෙන නිසා එම වතුයායේ ගුවන් පථයක් ද ඉදිකර ඇති බවයි වතු අධිකාරිවරයා සදහන් කළේ.  සමාජ වෙබ් අඩවිවල පළවන පරිදි එය නිවාඩු නිකේතනයක් හැර වෙනත් කිසිවක්  ඉදිනොකරන බවත් ශ්‍රි පාද රක්ෂිතයේ හෝ ශ්‍රිපාදස්ථානයට ආසන්නයේ තම වතුයාය පිහිටා නොමැති බවත් වතු අධිකාරීවරයා සදහන් කළා.

මෙම ඉඩම සම්බන්ධයෙන් නල්ලතන්නියේ වනජීවී කලාපයට හෝ වන රක්ෂණ කලාපයට අයත් නොවන බවත් එම වතුයායේ සිට ශ්‍රි පාදස්ථානය නොපෙනන බවත් වනජීවී නිලධාරීන් සදහන් කළා.

ඔබගේ අදහස අපට කියන්න

Close