මත්තලට හා හම්බන්තොට වරායට ලංකාව චීනයෙන් ගත් ණය කපා හැරේ

මත්තල ගුවන්තොටුපල හා හම්බන්තොට වරාය වෙනුවෙන් චීනයට ගෙවිය යුතුව තිබූ දැවැන්ත ණය මුදල නොගෙවා සිටීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවූ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ඒ අනුව අදාළ දැවැන්ත ව්‍යාපෘති 2ක වෙනුවෙන් ශ්‍රී ලංකාව තවදුරටත් චීණයට ණය ගැති නොවන බවයි.
ඒ වෙනුවට චීනය හා ශ්‍රී ලංකාව ඒකාබද්ධව පිහිටුවන සමාගමක් හරහා හම්බන්තොට වරාය හා මත්තල ගුන‍න් තොටුපල සංවර්ධනය කර පාලනය කිරීමට නියමිතයි.
මේ යටතේ ශ්‍රී ලංකාවට අමතරව ඩොලර් බිලියන 1ක පමණ මුදලක්ද හිමිවනවා.
එය මෙරට විදෙස් සංචිත කැපීපෙනෙන පරිදි වර්ධනය කරන්නක් බවයි රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ.
මේ අනුව ශ්‍රී ලංකාවෙන් ජාත්‍යන්තරයට ගෙවිය යුතු ණය ප්‍රමාණයෙන් සැලකිය යුතු කොටසක්ද පහත වැටෙනවා.
අගමැතිවරයා මෙම අදහස් පල කළේ අද පැවැති උත්සවයකට එක්වෙමින්.

 

ඔබගේ අදහස අපට කියන්න

Close