මැයි 12ට කලින් ලංකාවට ජී එස් පී දෙනවා / යුරෝපා සංගමය කියයි

ශ්‍රී ලංකාවට ජී එස් පී ප්ලස් බදු සහනය ලබන වසරේ මැයි 12 වනදාට පෙර ලබාදෙන බව යුරෝපාං සංගමය අද ප්‍රකාශ කළා. දිවයිනට පැමිණ සිටින යුරෝපා නියෝජිත කන්ඩායම කොලඹ පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ මැයි 12වනදාට පෙර ඊට අදාළ නිල නිවේදනය නිකුත් කරන බවයි.
ඊට පෙර නිල නොවන මට්ටමේ තීරණය මේ මාසයේදී ශ්‍රී ලංකා රජය වෙත දැනුම් දෙන බවයි ඔවුන් සදහන් කළේ.
ලබන ජනවාරි මාසයේදී යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිර්දේශ සහිත වාර්තාවක්ද එළි දැක්වීමට සැලසුම් කර තිබෙනවා.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ බ්‍රසල්ස් සංචාරයේ ප්‍රතිඵලයක් ලෙසයි යුරෝපා නියෝජිත කන්ඩායම දිවයිනට පැමිණියේ.
ඒ ශ්‍රී ලංකාවට ජී එස් පී ප්ලස් සහනය ලබාදීමේ හැකියාව පිලිබද සොයා බැලීම සදහායි.
රනිල් වික්‍රමසිංහ මහතාගේ යුරෝපා සංචාරයේදී මෙරටට ජී එස් පී ප්ලස් සහනය ලබාදෙන බවට එහි සභාපතිවරයා සහතිකවී තිබුණා.

ඔබගේ අදහස අපට කියන්න

Close