මිලියන 21 වංචා චෝදනාවට අදාළව ගම්මන්පිලගේ නඩුව අද

රුපියල් මිලියන 21ක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධි චෝදනා 6ක් යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහිව පවරා ඇති නඩුව අද විභාගයට ගැනීමට නියමිතයි.

මෙම නඩුව පසුගියදා  මහාධිකරණ විනිසුරු ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා ඉදිරියේ කැදවනු ලැබුවා.

එහිදී රුපියල් ලක්ෂය බැගින් වන මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පහ බැගින් වන ශරීර ඇප දෙකක් යටතේ විත්තිකරු මුදා හැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියම කළා.

1996 – 1997 අතර කාලයේදී රුපියල් මිලියන 21ක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම සහ ඊට අනුබලදීම යටතේ උදය ගම්මන්පිල මහතා සහ සිඩ්නි ජයසිංහ නමැති විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිඛෙනවා.

මේ අතර ඕස්ට්‍රේලියානු ජාතිකයකුට අයත් කොටස් ගනුදෙනුවකදී ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රයක් භාවිතා කරමින් රුපියල් මිලියන 20ක් වංචා කිරීම සම්බන්ධයෙන්ද සැකකාර මන්ත්‍රීවරයාට එරෙහිව නඩු විභාගයක් ක්‍රියාත්මකයි.

2000 වසරේ ජුලි 27දින හෝ ආසන්න දිනකදී පෑන් ඒෂියා බැංකුව මඟින් නිකුත් කළ කොටස් ඩිජිටල් නොමිනිස් පෞද්ගලික සමාගම නමින් මිලදී ගෙන ධම්මික පෙරේරා නැමැත්තාට විකිණීමෙන් රුපියල් මිලියන 20ක වංචාවක් කිරීම ඇතුළු අධිචෝදනා 2ක් යටතේ මේ නඩුව පවරා තිඛෙනවා.

ඔබගේ අදහස අපට කියන්න

Close