ව්‍යවස්ථාව සංශෝදනය ගැන ජනතාවට අවබෝධයක් නෑ /මත විමසුමක් හෙළි කරයි

ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ප්‍රයත්නය කෙරෙහි ජනතා අවධානය යොමුකර ගැනීමට ආණ්ඩුව ක්‍රියා නොකළහොත් කොළොම්බියානු ජනතාව විසින් සාම ගිවිසුම ප්‍රතික්ෂේප කිරීම වැනි තත්ත්වයක් මතුවිය හැකි බවට බවට අනතුරු ඇගවීමක් නිකුත් කර තිඛෙනවා.

එම පුරෝකතනයේ යෙදෙන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම ආසන්නතම උදාහරණයක් ලෙසයි පෙන්වා දෙන්නේ.

නව ව්‍යවස්ථා සම්පාදනයක් පිළිබඳ පූර්ණ වශයෙන් දැනුවත්ව සිටිනුයේ ජනගහණයෙන් 1.1% ක් සමීක්ෂණයකින් අනාවරණ වී තිබුණා.

විශේෂයෙන් ම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සම්බන්ධයෙන් පසුගිය වසරේ සිට රට තුළ සංවාදයක් පවතින අතර, මහජන අදහස් විමසීමේ කමිටුව මාස කිහිපයක් රට පුරා සංචාරය කිරීමෙන් අනතුරුව ද ජනතාව ඒ සම්බන්ධයෙන් දැනුවත් නොවීම ඉතා බරපතල තත්ත්වයක් බවයි පර්යේෂණය මෙහෙය වූ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ඉරෝමි පෙරේරා ප්‍රකාශ කළේ.

“ආණ්ඩුවයි, ව්‍යවස්ථා සම්පාදනයේ නිරත වෙලා ඉන්න කට්ටියයි හොඳට හිතල බලන්න ඕන ඒගොල්ලන්ගේ සන්නිවේදන ක්‍රමවේදය ගැන,ජනගහණයෙන් 1.1% ක් පමණක් ඒ පිළිබඳව දැනුවත් වීම ‘ඉතා භයානක තත්ත්වයක්’ “මොකද අපි අන්තිමට ජනමත විචාරණයකට යනවනේ.”

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ පර්යේෂණයට අනුව, ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමේ ක්‍රියාදාමයක් පවතින බව ජනගහනයෙන් 70% කට ආසන්න පිරිසක් අවබෝධයෙන් පසුනොවන්නක් බව හෙලිව තිඛෙනවා.

“තව දෙයක් තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කිවුවහම අපිට එක පාරටම තේරෙන්නේ නැහැ ඒ මොකක්ද කියල. ඒකීය රාජ්‍යය කිවුවත්, බලය විමධ්‍යගත කිරීම කිවුවත් බහුතරයකට ඒවා වචන විතරයි.”

“උදාහරණයක් ගත්තොත් හොඳ විදියක් තමයි ජනතාව දැනුවත් කරන්න ටෙලි ඩ්රාමා එකක් කරන එක,” “මොකද ජනමත විචාරණයට ගියාම මිනිස්සු දන්නේ නෑ එයාල ඔව්, නෑ කියන්නේ මොකටද කියල.””මේ යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන දුර්වලතාවයක් තමයි ජනතාව තවමත් 2015 ජනවාරි හිටපු මතයේ ඉන්නවා කියල හිතාගෙන ඉන්න එක.”

ඔබගේ අදහස අපට කියන්න

Close