අර්ජුන් මහේන්ද්‍රන් හෙට යළි දිවයිනට

විවාහ මංගල උත්සවයකට සහභාගිවීම සඳහා විදේශගත වූ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා හෙට යළි දිවයිනට පැමිණීමට නියමිතව තිඛෙනවා.
ඔහු රටින් බැහැරව ගියේ බැදුම්කර සම්බන්ධ කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර දිනයේදීයි.

සිය සමීපතම මිතුරකුගේ පුත්‍රයකුගේ විවාහ මංගල උත්සවයක්‌ සඳහා සහභාගීවීමටයි ඔහු දිවයිනෙන් පිටත්ව ගොස් තිබුණේ.

මෙම මංගල උත්සවයට තමන් දිවයිනෙන් පිටව යන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අර්ජුන මහේන්ද්‍රන් මහතා විසින් පෙර දැනුම්දීමක් සිදුකර තිබුණා.

මහ බැංකු බැඳුම්කර නිකුතුව පිළිබඳව කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර හිටපු මහ බැංකු අධිපතිවරයා රටින් පැන ගිය බවට විපක්‍ෂයේ මන්ත්‍රීන් චෝදනා කළ ද මාසයකට පමණ පෙර සිය මිත්‍රයාට දුන් පොරොන්දුවක්‌ ඉටුකිරීම සඳහා ඔහු දිවයිනෙන් බැහැරවූ බවයි පැවසෙන්නේ.
පසුගියදා නිකුත් කළ කෝප් කමිටු වාර්තාවෙන් මහ බැංකු අධිපතිවරයා වරදකරු බවට නම් කර තිබුණා.

ඔබගේ අදහස අපට කියන්න

Close