ඔබ පැරදිලාද / එහෙනම් ජීවිතය දිනන හැටි කියවන්න

ඔබ පරාජිතයකු බව ඔබට හැගෙනවාද ? සියල්ල අහිමිවී ඇතැයි ඔබට සිතෙනවාද ? එසේත් නොමැතිනම් සැලසුම් කරන සියල්ල අසාර්ථකවී අනාගතය ගැන ඔබට බියක් දැනෙනවාද ? එසේනම් මේ ලිපිය සුදුසු ඔබටමයි…
පහත ජායාරූපයේ දැක්වෙන පුද්ගලයාගේ නම කලිල් රුෆටි. ඔහුගේ 2003 වසරේ පෙනුම සහ අද පෙනුම එම ජායාරූපවල සදහන්. ඔබ වම් පසින් දකින රූපයේ සිටින කළිල් වීදියේ සරන ලද නිවසක් අහිමි අයෙක්. නමුත් දකුණු පස රූපයේ සිටින්නේ ඩොලර් මිලියන ගණනක වත්කම් හිමි සමාජයේ පිළිගත් කැපීපෙනෙන කලීල් නැමති ව්‍යාපාරිකයායි.
ඔහුගේ වෙනසට හේතුව ලොතරයි ජයක් හෝ කිසිවකුගේ උපකාරයක් නොවේ. මේ ඒ කතාවයි.

kalil-1

කලීල් 2003 වසර වන විට මත්පැනට මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවී සිටි නිවසක් අහිමි වීථි සරන්නෙක්. එකල ඔහුගේ බර කිලෝ 48කට අඩුවී තිබුනා. ඔහුට තමන්ගේ කියා කිසිවක් තිබුණේ නැහැ. එහෙත් යාචක දිවිය නිමා කරමින් යමක් කරන්නට ඔහුට අවශ්‍ය වුණා. ඔහු පලතුරු බීම සාදා මග යන එන අයට අලෙවි කරන්නට තැත් කළා. මුලදි අසාර්ථක වුණා. ඔහු නැවත උත්සාහ කළා. එය ටික ටික සාර්ථක වුණා. ඔහුට උපකාර කරන්නට කිසිවෙක් හිටියේ නැහැ. මවක් පියෙක් හෝ සමීප කිසිවෙක් නෑ. එහෙත් ඔහු ලග ආත්ම ශක්තිය තිබුණා.

untitled-1

ව්‍යාපාරය වැඩි දියුණු වෙද්දී ඔහු වැඩිහිටියන් සම්බන්ධ ආයතනයකට පලතුරු බීම සැපයීම ඇරඹුවා. එය ක්‍රමයෙන් සාර්ථක වුණා. එයින් ඔහු තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කළා. ඒ සන්ලයිෆ් නමින්.

sunlife-3

විශ්වාස කරන්න 2011 සිට මේ දක්වා කාලයේදී හොලිවුඩ් කලාපය පුරා ජනප්‍රියව පවතින්නේ  ඔහුගේ බීම ව්‍යාපාරයේ ශාඛා .ඔහුගේ ආදායම දැන් ගණනය කරන්නේ ඉලක්කම් 7 ක 8 ක සංඛ්‍යාවලින්.

4

එදා ඔහු දෙස කිසිවකු නොබැලුවත් අද ඔහුගේ සමීපතමයන් වන්නේ සුපිරි තරු

5

එදා විදි දුක් ඔහුට අදත් මතකයි. ඒ නිසා ඔහුගේ සේවකයින්ට පවා කලිල් ඉති ආදරණීය හාම්පුතෙක්.

6

අද ඔහුගේ ජීවිතය ඉතා සැහැල්ලු එකක්.

7

ඉතින් කිසිදවකුගේ සහයක් නොමැතිව වැටුණු , ජීවිතයක් එක් අදහසකින් ගොඩගත් ඔහු අද ජීවිතය දිනූ අයෙක්. ඔබ පරාජිත යයි සිතුවත් ඔබ වටා ඔඛේම මාපියන් , සොහොයුරු සොහොයුරියන් හෝ ආදරණීයයන් බොහෝ විට ඉන්නවා වන්නට පුළුවන.

8
අඩුම තරමේ කලිල් ට නොතිබුණු ඉහට වහලක් හෝ ඔබට ඇති. එසේනම් ඔබගේ ගමන අරඹන්නට ඔබ දැන් සිටින්නේ ඔහුගේ ආරම්භයට වඩා මදක් ඉදිරියෙන්.
ඔබගේ වඩාත්ම දක්ෂතාවය සහිත හැකියාව තෝරාගෙන ධෛර්්‍යයෙන් ඒ ගමන අරඹන්න. මුලදී ඔබ ඇද වැටේවි. පය පැකිලේවි. එහෙත් පොලවෙන් ජයග්‍රහණයේ බීජයක් මතුවන තෙක් උත්සාහ කරන්න. ඔබ අනිවාර්්‍යයෙන් ජය ගනීවි.

අමල් අල්මේදා – amalnews2008@gmail.com

 

ඔබගේ අදහස අපට කියන්න

Close