ග්‍රීන් කාර්ඞ් වැඩසටහනට අයදුම් කිරීමේ කාලය තව දින 5කින් අවසන්

2018 වසරට අදාල අමෙරිකානු ග්‍රීන් කාර්ඞ් හෙවත් නිදහස් වීසා ලබාදීමේ වැඩසටහනට ලාංකිකයින්ට අයදුම් යොමුකළ හැකි කාලය තව දින 5කින් අවසන් වනවා. ලබන නොවැම්බර් 07 වනදා පෙරවරු 9යි 30 දක්වා මේ සදහා අයදුම් කළ හැකි බවයි කොලඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කළේ.
මෙහිදී අමෙරිකානු තානාපති කාර්යාලයේ නිල වෙබ් අඩවිය හරහා නොමිලේ ලියාපදංචි විය හැකි අතර ඒ වෙනුවෙන් තෙවන පාර්ශවයකට හෝ කිසිවකුට මුදල් ගෙවීමක් අවශ්‍ය වන්නේ නැහැ. ලියාපදිංචි වන පිරිස අතරින් තෝරාගන්නා කණ්ඩායමක් පලමු වටයේ සම්මුඛ පරීක්ෂන සදහා කැදවීමට නියමිතව තිබෙනවා.
මෙය වාර්ෂිකව අමෙරිකානු රජය විසින් වෙනත් රටවල පුද්ගලයින්ට සිය පුරවැසිභාවය ලබාදීම සදහා ක්‍රියාත්මක කරන වැඩසටහනක්.

ඔබ ග්‍රීන් කාර්ඞ් හෙවත් අමෙරිකානු නිදහස් වීසා පහසුකම වෙනුවෙන් අයදුම් කරන්නේ නම් ඒ සදහා පහත  ලින්ක් 1න් පිවිසෙන්න.

https://www.dvlottery.state.gov/

මෙම වැඩසටහන පිළිබද වැඩිදුර තොරතුරු පහතින්  දැකගත හැකියි.මීට අදාළව ඔබ වෙත මතුවන ගැටලු මෙම ලිපිය අවසානයේ ඇති  ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න. නොමිලේ ඊට අදාළ තොරතුරු ලබාදීමට අප සූදානම්.

 අපගේ ඊ මේල් ලිපිනය – Lankaanews@gmail.com

අයදුම්පත නිවැරදිව සම්පූර්ණ කරන ආකාරය දැනගැනීමට පහත ලින්කුවෙන් පිවිසෙන්න.

මෙතනින් පිවිසෙන්න

ඔබගේ අදහස අපට කියන්න

Close