ටිරාන් අලස් රිමාන්ඩ්

උතුරු නැගෙනහිර ප්‍රතිසංස්කරණ හා සංවර්ධන ඒජන්සියේ (රාඩා ආයතනයේ ) හිටපු සභාපති ටිරාන් අලස් ඇතුළු සිව් දෙනකු නොවැම්බර් 10 වැනි දා දක්වා අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ සැකකරුවන් කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

රාඩා ආයතනයට රජයෙන් දුන් රුපියල් විසිකෝටියක් වංචා කළැයි ප්‍රතිසංවිධානයේ හිටපු ජ්‍යෙෂ්ඨ ප්‍රධානියකු වන එමිල්කාන්තන්,රාඩා ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සාලිය වික්‍රමතුංග හා අාචාර්ය ජයන්ත ඩයස් සමරසිංහ,ටිරාන් අලස් යන පිරිසට එරෙහිවයි චෝදනා ගොනුකර ඇත්තේ.

පොලිස්  විශේෂ විමර්ශන ඒකකයේ පරීක්ෂණ වලින් පසුව ඔවුනට විරුද්ධව නිතිපති විසින් අධි චෝදනා ගොනුකර තිඛෙනවා.
සැකකාර ටිරාන් අලස් මහතා අත්අඩංගුවට ගැනීමට එරෙහිව මීට පෙර අධිකරණය විසින් වාරණ නියෝගයක්ද නිකුත් කරනු ලැබ තිබුණා.

 

One thought on “ටිරාන් අලස් රිමාන්ඩ්

  • November 2, 2016 at 4:26 pm
    Permalink

    THANHAA JAAYATHI SOKO KIYALA THAMAI KIYANNA WENNE. JANATHAAWAGE RATA JANATHAWAGE AANDUWA JANATHAAWAGE DEPOLA. MEWA HORAA KAALA KOHOMADA? ME HAADAYONTA BOHO WARAPRASADA SAMAGA WISHAALA WETUP DEDHDHITH HORAKAM KALAA NANG THADIN DANDUWAM KIREEEMA ATHYAAWASHYAYI. MEHEMA HORA-MERA WENAKATA SRILANKAA WATA MOKADA WENNE?

    Reply

ඔබගේ අදහස අපට කියන්න

Close