ලොව පහසුම වෘත්තිය බ්‍රිතාන්‍ය තරුණියකට / රැකියාව ආහාර අනුභවය

පහසු රැකියාවක් සෙවීම බොහෝ දෙනකුගේ අපේක්ෂාවක්. එහෙත් රැකියාව පහසු මෙන්ම රසවත් වුවහොත් එම රැකියාවේ තෘප්තිය බොහෝ වැඩි වනු ඇති. එවන් රැකියාවක් ලැබීම පහසු දෙයක් නොවෙයි. එහෙත් බ්‍රිතාන්‍යයේ වෙසෙන 25 හැවිරිදි සොෆී හාර්ඩි නිරත වන්නේ එවන් රැකියාවකයි. ඇයගේ රැකියාවේ නාමය නිල ආහාර බුදින්නිය තනතුරයි. ලන්ඩනයේ හෝටල් කිහිපයක්ම ඇයට මෙම රැකියාව ලබාදී තිඛෙනවා. ඇයට ඇත්තේ දිනපතා එම අවන්හල් වෙත පැමිණ ආහාර අනුභව කිරීම පමණයි. ඇය කැමති ආහාරයක් කැමති තරම් අනුභව කිරීමටත් විශාල වැටුපත් ඒ වෙනුවෙන් ලැබීමටත් ඇය වාසනාවන්ත බවයි බොහෝ දෙනා අදහස් පල කරන්නේ.
කෙසේ වෙතත් ඇය මෙම අවස්ථාව උදාකරගෙන ඇත්තේ නව මත විමසුමක් පිළිබද වැඩසටහනක් හරහායි. සෞඛ්‍ය සම්පන්නව සිටීමට ආහාර අනුභවයෙන් බලපෑමක් නොවන බව පෙන්වාදීම එහි අරමුණයි.

ඔබගේ අදහස අපට කියන්න

Close