ශ්‍රී පාද ඉඩම් ගණුදෙනුව පිටුපස ඇමති මුස්තාෆා / බොදු බලසේනා කියයි

ශ්‍රී පාද ස්ථානය අවට ඉඩමක හෝටලයක් ඉදිකිරීමේ සිද්ධිය ඇතුලු ඉඩම් ගණුදෙනු පසුපස සිටින්නේ අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා බවට බොදුබල සේනා සංවිධානය චෝදනා එල්ල කරනවා.
එහි මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මේ බව කියා සිටියේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදීයි.

එහෙයින් ඔහු ඇමැති ධුරයෙන් නෙරපා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට රජය වහා කටයුතු කළ යුතු බවත් උන්වහන්සේ අවධාරණය කළා.

මෙම සිද්ධිය ඇතුලු සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් අමාත්‍යවරයා වගකිව යුතු බවටයි ඥානසාර හිමියන් චෝදනා එල්ල කළේ.
කෙසේ වෙතත් එය තහවුරු කිරීම සදහා සාක්ෂි මෙතෙක් අනාවරණ කර නැහැ.

W3Schools

ඔබගේ අදහස අපට කියන්න

Close