ෆොන්සේකා හිරේ දැමූ අය රණවිරුවන් ගැන දුක්වීම විහිලුවක් / අගමැති

එක්සත් ජාතික පක්ෂයේ කැලණිය ආසන සංවිධායක ධූරය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වෙත බාරදීම අද සිදුකෙරුණා.
ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින්.
තමන් පත්කළ මහ බැංකුවේ අධිපති පිළිබඳ බැඳුම්කර චෝදනා නැගුණු බවත් රාජපක්ෂ රෙජීමය ප්‍රශ්න හා ගැටලු වසන් කළත් යහපාලන ආණ්ඩුව එසේ නොකරන බවත් රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සදහන් කළා.
රට ඛේරාගත් හමුදාපතිවරයා සිරගත කළ පසුගිය පාලනයේ පුද්ගලයින්ට රණවිරුන්ට එරෙහිව කටයුතු කරන බවට වත්මන් රජයට එරෙහිව චෝදනා එල්ල කළ නොහැකි බවයි වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සදහන් කළේ.

ඔබගේ අදහස අපට කියන්න

Close