අමරදේවයන් වෙනුවෙන් සතියක ශෝක කාලයක්

පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව ශූරීන්ගේ අභාවය වෙනුවෙන් අද සිට සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබෙනවා. ඒ අනුව අමරදේව ශූරීන්ගේ අවසන් කටයුතු සදහා පූර්ණ රාජ්‍ය ගෞරව සහ අනුග්‍රහය ලබාදීමටයි තීරණය කර ඇත්තේ. අවමංගල්‍ය කමිටුව හා රජයේ ප්‍රධානීන් අතර පැවැති සාකච්ජාවකින් පසුව මෙම තීරණයට එළඹ තිබුණා. පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව මහතා අද දහවල් අභාවප්‍රාප්ත වුණා. ඒ  හදිසියේ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහපට ඇතුලත් කිරීමෙන් පසුවයි. අමරදේව ශූරීන්ගේ දේහය පිළිබද අවසන් කටයුතු අනිද්දා පස්වරුවේ කොලඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී සිදුකරන බවයි අවමංගල කමුටවේ සාමාජික මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා ප්‍රකාශ කළේ. හෙට පෙරවරු 9 ට අවමංගල්‍ය පෙරහරකින් දේහය නිදහස් චතුරස්‍රයට ගෙනඑන අතර එහිදී දේහයට ගෞරව දැක්වීමට ජනතාවට අවස්තාව ලබා දෙන බවයි අවමංගල්‍ය කමිටුව සදහන් කළේ. මේ සදහා එක්වන ලෙස එම කමිටුව සියලුම කලාකරුවන්ගෙන්ද ඉල්ලීමක් සිදුකළා.

ඔබගේ අදහස අපට කියන්න

Close