අය වැයෙන් වාහන මිල ගණන් පහලට – ත්‍රීරෝද මිල ඉහලට?

ලබන 10 වනදා ඉදිරිපත් කිරීමට නියමිත 2017 අය වැය යෝජනාවලියෙන් මෝටර් රථ මිල ගණන් ඉහල නොයන බවට වාර්තා පලවනවා.
අදාළ වාර්තා පෙන්වා දෙන්නේ වසරේ මුල් භාගය තුල වාහන මිල ගණන් ඉහල යාමක් සිදුවූ බැවින් අයවැය හරහා එම මිල ගණන් යළි ඉහල නොයනු ඇති බවයි.
මීට අදාළව වාහන ආනයනකරුවන්ගේ සංගමය හා මුදල් අමාත්‍යවරයා අතර සාකච්ජාවක් ඉකුත් සැප්තැම්බර් මාසයේදී පවත්වා තිබුණා.
එහිදී වාහන ආනයනයේදී බදු හා අගය කිරීමේ ක්‍රමවේදයේ ගැටලු මෙවර අයවැයෙන් නිවැරදි කරන බවට මුදල් අමාත්‍යවරයා ප්‍රතිඥාවක් ලබාදුන් බවයි වාහන ආනයනකරුවන්ගේ සංගමය සාකච්ජාවෙන් පසුව සදහන් කළේ.
එම තත්ත්වය ක්‍රියාත්මක වුවහොත් මෙවර අය වැයෙන් වාහන මිල ගණන් පහල යාමේ හැකියාවක් පවතින බවයි එහිදී ප්‍රකාශ වුණේ.
කෙසේ වෙතත් එය මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නැහැ.
මේ අතර තවත් වාර්තා පෙන්වා දෙන්නේ මෙවර අය වැය යෝජනාවලියෙන් ත්‍රීරෝධ රථ මිල ගණන් තවත් ඉහල යාමේ හැකියාවක් පවතින බවයි.
ත්‍රීරෝධ රථ මෙරටට නොගැලපෙන මට්ටමින් වර්ධනයවීම සැලකිල්ලට ගෙන එය අධෛර්්‍යයමත් කිරීමේ අරමුණින් එම මිල ඉහල දැමෙනු ඇති බවයි අදාළ වාර්තා පවසන්නේ.
කෙසේ වෙතත් මරුටි වැනි කුඩා මෝටර් රථ මිල ගණන් අයවැයෙන් පහත දැමෙනු ඇති බවටද එම වාර්තා ඉගි පල කර තිඛෙනවා.

W3Schools

ඔබගේ අදහස අපට කියන්න

Close