නව පක්ෂයේ සැගවුණු සැලසුම හෙළිවේ.- සැලසුම අවසානයේ නායකයා මහින්ද

ඒකාබද්ධ විපක්ෂයේ නව දේශපාලන පක්ෂය පිහිටුවීම හරහා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන දේශපාලන සැලසුම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණවී තිඛෙනවා.
අතිශය විශ්වාසනීය ආරංචි මාර්ග අනාවරණ කළේ පියවර කිහිපයක දේශපාලන සැලසුමක් මේ යටතේ ක්‍රියාත්මක වන බවයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නමින් ක්‍රියාත්මක මෙම පක්ෂයේ සභාපතිවරයා ලෙස ජී එස් පීරිස් මහතා ඊයේ මැතිවරණ කොමසාරිස්වරයා වෙත දැනුම්දීමක් සිදුකර තිබුණේ අපේ ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ පක්ෂයේ නම වෙනුවට නව පක්ෂයේ නම භාවිතා කරන බව පවසමින්.
මෙම පක්ෂයේ නායකයා කවරෙක්දැයි මෙතෙක් අනාවරණ නොකළද අදාළ ආරංචි මාර්ග සදහන් කළේ නියත වශයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා මෙම පෙරමුණේ නායකත්වය භාරගන්නා බවයි.
එය පක්ෂයේ වැඩ කටයුතු ආරම්භ කිරීමෙන් පසු රට වටා ජනතාවගේ හා නව පක්ෂයේ සාමාජිකයින්ගේ දැඩි ඉල්ලීම මත නායකත්වය භාරගන්නා ලෙස හිටපු ජනාධිපතිවරයා වෙත බලපෑමක් එල්ල කරන බව රටේ ජනතාවට පෙන්වීම මෙහි එක් අරමුණක් බවද සදහන්.
පසුව දැවැන්ත ජනතා ඉල්ලීම මත තමන් නව පක්ෂයේ නායකත්වය පිළිගන්නා බව හිටපු ජනාධිපතිවරයා විසින් නිවේදනය කිරීම එහි ඊළග අධියරයි.
අනතුරුව ජාතිකවාදී කණ්ඩායම් ලෙස හදුන්වා ගන්නා පිරිස් හිටපු ජනපතිට හා නව පක්ෂයට සහය පල කරන බව පවසමින් නව පක්ෂය ශක්තිමත් කිරීමට ඉදිරිපත් වන බව පෙන්වීම මෙම ව්‍යාපාරයේ තවත් අධියරක්.
ඒ නිවුස් විශේෂ වාර්තාකරු හෙළිකළ ආකාරයට මෙම සත්‍යය අනාවරණවීමට ඇත්තේ ලබන ජනවාරි මාසය දක්වා වන කෙටි කාලය පමණයි.
ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමේ සැලසුම් සහගත ව්‍යාපාරයේ අවසානය ලෙස හිටපු ජනාධිපතිවරයා නව පක්ෂයේ නායකයා ලෙස සම්බන්ධවීමට නියමිතව තිඛෙනවා.

 

 

ඔබගේ අදහස අපට කියන්න

Close