රනිල්ගේ / ලසන්තගේ දුරකථන පණිවිඩවලට රහසින් සවන් දෙන්න නිකුත් කළ ලිපිය හෙළිවෙයි

පසුගිය රජයේ ප්‍රධානීන්ගේ අණ පරිදි පසුගිය සමයේ දුරකථන පණිවිඩවලට රහසින් සවන්දුන් පුද්ගලයින්ගේ නම් දැක්වෙන ලිපියක් අනාවරණවී තිබෙනවා. කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය වාර්තා කළේ වත්මන් අග්‍රාමාත්‍ය හා එවක විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතාගේ දුරකථන පණිවිඩ සදහාද රහසින් සවන් දෙන ලෙස මෙම ලිපිය මගින් බුද්ධි අංශ වෙත අණ ලබාදී ඇති බවයි.

ජාතික ආරක්ෂාව සම්බන්ධ කරුණු මුල් කරගනිමින් අදාළ පුද්ගලයින්ගේ දුරකථන පණිවිඩ සදහා සවන් දෙන ලෙස මෙමගින් නියෝග කර තිබෙනවා.
2008 වසරේ සැප්තැම්බර් 8 වනදා යොමුකර ඇති මෙම ලිපිය මගින් සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ දුරකථනයටද සවන් දෙන ලෙසටයි නියෝග කර ඇත්තේ.
ඉන් මාස 3කට පසු වික්‍රමතුංග මහතා ඝාතනයට ලක්වුණා.
මේ ඊට අදාළ ලිපියයි. (උපුටා ගැනීම – කලම්බු ටෙලිග්‍රාෆ්) 

phone-tapping-sri-lanka-gotabaya-rajapaksa

ඔබගේ අදහස අපට කියන්න

Close