හිලරි පසුබසී / ට්‍රම්ප් පෙරට

ඇමරිකානු ජනපතිවරණයේ පූර්ව ජනපතිවරණ සමීක්ෂණවලට අනුව හිලරි ක්ලින්ටන්ට වඩා ඉදිරියට පැමිණීමට ඩොනල්ඩ් ට‍්‍රම්ප් සමත්ව සිටිනවා.

ඒ ඇමරිකානු රාජ්‍ය තොරතුරු පුද්ගලික විද්‍යුත් ලිපිනය හරහා හුවමාරු කරගැනීමේ චෝදනා සම්බන්ධයෙන් හිලරි ක්ලින්ටන් මහත්මියට එරෙහිව පැවැත්වෙන පරීක්ෂණ සමගයි.

මෙම තත්ත්වය තුල ඇයගේ ජනප්‍රියත්වය වේගයෙන් පහත වැටෙමින් පවතිනවා.

මේ අතර හිලරි ක්ලින්ටන් මහත්මියට සහාය දක්වමින් ඇමරිකානු ජනපති බරක් ඔබාමා පවසන්නේ ජනපතිවරණයේ ප‍්‍රතිඵල මත ලෝකයේ ඉදිරි පැවැත්ම තීරණය වනු ඇතිබවයි.

ඇමරිකානු ජනපති යනු ඇමරිකානු ජනතාවගේ පමණක් ම ජනපති නොවන බවත්, ලෝකය වඩා මානව හිතවාදී යහපත් තැනක් කිරීම වෙනුවෙන් ඇමරිකානු ජනපතිවරයාට විශාල කාර්යභාරයක් පැවරෙන බවත් ඇමරිකානු ජනපති බරක් ඔබාමා ඊයේ ප‍්‍රකාශ කළා.

මෙතෙක් අමෙරිකානු ජනපතාවරණයේ පූර්ව මත විමසුම් අනුව ඉදිරියෙන් පසුවූයේ ඩිමොක්‍රටික් අපේක්ෂිකාවයි.
කෙසේ වෙතත් ඇයගේ ජනප්‍රියත්වය මැතිවරණයට දින 5ක් ආසන්න වී තිබියදී අඩු වීම කැපී පෙනෙන තත්ත්වයක්.

ඔබගේ අදහස අපට කියන්න

Close