අමරදේවයන්ගේ දේහය නිදහස් මන්දිරයට

අභාවප්‍රාප්ත හෙළයේ මහා සංගීතඥ ඩබ්ලිව්.ඩී. අමරදේව මහතාගේ දේහය මේ වන විට නිදහස් චතුරස්‍රය කරා රැගෙන විත් තිඛෙනවා. ඒ අද පෙරවරුවේ ආරම්භ කෙරුණ අවමංගල පෙරහර මගිනුයි.
එහි සභාපති මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා සදහන් කළේ දේහය නිදහස් චතුරස්‍රය තුල හෙට දහවල් 3 යි 30 දක්වා මහජන ගෞරවය උදෙසා තැන්පත් කෙරෙන බවයි.

මේ වන විටත් කලාකරුවන් හා මහජනතාව විශාල පිරිසක් නිදහස් චතුරස්‍රය වෙත පැමිණ මහා ගාන්ධර්වයා වෙත බුහුමන් දක්වමින් සිටිනවා.

හෙට පස්වරු 6ට අමරදේවයන්ගේ දේහය පිළිබද අවසන් කටයුතු සිදුකිරීමට නියමිතයි.
ඒ පූර්ණ රාජ්‍ය ගෞරව මධ්‍යයේයි.

ඔබගේ අදහස අපට කියන්න

Close