කැනඩා මුහුදෙන් බිහිසුනු හඩක් / සතුන් ප්‍රදේශය හැරයයි

කැනඩාවේ උතුරුදිග කලාපයේ මුහුදු පත්ලෙන් අද්භූත හඩක් මතුවන බවට තොරතුරු වාර්තාවනවා. ඩේලි මේල් වෙබ් අඩවිය වාර්තා කරන්නේ මේ හේතුවෙන් එම කලාපයේ වෙසෙන ඇතු් සතුන් හා මුහුදු ජීවීන්ද ප්‍රදේශයෙන් පලා යාම ආරම්භවී ඇති බවයි. මේ වන විට ශීත සෘතුව බලපා ඇති එම කලාපයේ ජනතාවද මෙම තත්ත්වය හේතුවෙන් බියට පත්ව තිබෙනවා.ඒ හේතුවෙන් කැනේඩියානු හමුදාව ප්‍රදේශයේ විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමේ සූදානමින් පසුවන බවයි මාධ්‍ය වාර්තා පවසන්නේ.
නිරන්තරයෙන් ප්‍රදේශය දෝංකාර නංවමින් මතුවන මෙම ශබ්ද කල්මසුන්ගේ හඩක් බවට මුලින් විහ්වාස කෙරුණා. කෙසේ වෙතත් මේ වන විට පරිසර විද්‍යාඥයන් පවසන්නේ එම හඩ මුහුදු ජීවියකු නගන හඩක් නොවන බවයි.
මේ ආකාරයෙන් ඩහ පිට කරනු ලබන සෝනාර් යන්ත්‍රයක් හෝ එම කලාපයේ නොපවතින බවයි තහවුරු කරඇත්තේ. ඒ හේතුවෙන් මුහුදු පත්ලෙන් එන මෙම ශබ්දය හා සතුන් එම කලාපය හැර යාම දැවැන්ත ව්‍යසනයක පෙරනිමිති බවට ඇතැම් පිරිස් මත පල කර තිබෙනවා.

In the remote community of Nunavut in Northern Canada, hunters are concerned about a mysterious sound that appears to derive from the sea floor. Pictured is an Inuit fishing in the areaThe passage is a migratory route for bowhead whales (pictured), and also bearded seals and ringed seals, but the noise could be scaring the animals away The sound has been heard in Fury and Hecla Strait, around 75 miles (120 kilometres) northwest of the hamlet of Igloolik

One thought on “කැනඩා මුහුදෙන් බිහිසුනු හඩක් / සතුන් ප්‍රදේශය හැරයයි

  • November 5, 2016 at 3:17 am
    Permalink

    බය වෙන්න එපා අපායෙ සද්ද එ් අැසෙන්නෙ

    Reply

ඔබගේ අදහස අපට කියන්න

Close