පළමු ප්‍රතිඵලය අත ළග / ජී එල් නෙරපයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙකු ලෙස සිටිමින් වෙනත් පක්ෂයක සාමාජිකත්වය ලබාගත් ජී එල් පීරිස් මහතාට එරෙහිව පියවර ගැනීමේ සූදානමක් පවතින බවට තොරතුරු වාර්තාවනවා.
එම වාර්තා පෙන්වා දෙන්නේ මේ අනුව පීරිස් මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නෙරපීමේ සූදානමක් පවතින බවයි.
ඔහු රාජපක්ෂ මහතාගේ නව පක්ෂය වන පොදුජන පෙරමුණේ සභාපතිවරයා ලෙස මැතිවරණ කොමිසම දැනුවත් කිරීමයි මෙම තත්ත්වයට මුල්වී ඇත්තේ.
එය නිදහස් පක්ෂ ව්‍යවස්ථාව කඩ කිරීමක්ද වනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙකු ලෙස සිටිමින් වෙනත් පක්ෂයක සාමාජිකයකු ලෙස කටයුතු කළ නොහැකි බැවින් පීරිස් මහතාගේ පක්ෂ සාමාජිකත්වය ගැන ශ්‍රීලනිප ප්‍රධාන ලේකම්වරයා සහ මධ්‍යම කාරක සභාව මගින් තීන්දුවක් ගනු ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සදහන් කළේ.

ඇමැතිවරයා මේ බව පැවසුවේ මහාචාර්ය ජී.එල් පීරිස් මහතාගේ සභාපතීත්වය යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නමින් නව පක්ෂයක්  ලියාපංදිචි කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්.

W3Schools

ඔබගේ අදහස අපට කියන්න

Close