මාධ්‍යවේදීන්ට භයානක රටවල් ලයිස්තුවෙන් ලංකාව ඉවතට

පුවත්පත් කලාවේදී්න් ආරක්ෂා කර ගැනීමේ කමිටුව (CPJ) විසින් සකස් කරන  ගෝලීය නීති මුක්ති දර්ශකයෙන් පළමු වතාවට ශ්‍රී ලංකාව ඉවත් කර තිබෙනවා.  2008 වසරේදී ආරම්භ කළ මෙම වාර්තාව සෑම වසරක ම නොවැම්බර් 2දායි එළිදක්වනු ලබන්නේ. මෙතෙක් ඉතිහාසයේ පලවූ වාර්තා 8 කදීම ශ්‍රී ලංකාව ලෝකයේ මාධ්‍යවේදීන්ට භයානක රාජ්‍යයන් අතරට නම් කර තිබුණා

පසුගිය වසර දහයක කාලය තුළ නො විසඳුණු පුවත්පත් කලාවේදීන්ට එරෙහි අපරාධ සංඛ්‍යාව ජනගහණයට සාපේක්ෂව සලකමින් මෙම දර්ශකය ගණනය කිරීම සිදුවනවා. 2016 දර්ශකය සඳහා සැලකිල්ලට ගෙන තිබෙන්නේ 2006 සැප්තැම්බර් 1 සිට 2016 අගෝස්තු 31 දක්වා කාල පරිච්ඡේදයයි. දර්ශකයට ඇතුළත් කරනු ලබන්නේ මෙම කාල පරිච්ඡේදය තුළ නො විසඳුණු ඝාතන පහක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ඇති රටවල් වන අතර  මෙවර රටවල් 13ක් ඇතුලත් කර තිබෙනවා. පසුගිය වසරේ රටවල් 14 ක් ඊට ඇතුලත් වූ අතර මෙවර එයින් ඉවත් කර ඇති එකම රට වන්නේද ශ්‍රී ලංකාවයි.

2015 වසරේදී ලොව පුරා පුවත්පත් කලාවේදීන් 72 ක් මරණයට ලක්වුණා.  එයින් 69%ක් ඝාතන වන අතර ඉතිරි ප්‍රමාණය සේවා අතරතුර සිදුවූ අනතුරයි.

මෙම දර්ශකයේ පළමු ස්ථානය දෙවන වරටත් අත් කරගෙන තිබෙන්නේ සෝමාලියාවයි. එහි මාධ්‍යකරුවන් මරා දැමීම් වැඩි සංඛ්‍යාවකට සැක කෙරෙන්නේ අල්-ෂබාබ් සන්නද්ධ කණ්ඩායමයි. දෙවන හා තුන්වන තැනට පත් වන සිරියාවේ හා ඉරාකයේ ඉස්ලාමීය රාජ්‍යය ත්‍ර‍ස්ත සංවිධානය විසින් අඩු වශයෙන් මාධ්‍යකරුවන් හයදෙනෙකු හෝ මරා දමා ඇති බවද අදාළ වාර්තා අනාවරණ කලා.

ඇෆ්ගනිස්තානය, නයිජීරියාව, බංග්ලාදේශය හා පකිස්තානය දර්ශකයට ඇතුලත්.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් නවයක් 2008 සිට 2015 දක්වා ම මෙම දර්ශකයේ අඛණ්ඩව ඇතුළත්ව සිටියා.

ඔබගේ අදහස අපට කියන්න

Close