ලක් ඉතිහාසයේ විශිෂ්ටතම ගාන්ධර්වයා අද දැයෙන් සමු ගනී

ජාතියේ මහා ගාන්ධර්වයාණෝ, ආචාර්ය පණ්ඩිත් අමරදේව අද පස්වරුවේ ජාතියෙන් සමුගැනීමට නියමිතව තිඛෙනවා. පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අමරදේවයන්ගේ අවමංඟල උත්සවය අද සවස 3.30ට කොළඹ 7, නිදහස් චතුරශ්‍රයේ දි සිදු කිරීමට සියලු කටයුතු යොදා සූදානම් කර ඇති බවයි අවමංගල කමිටුව නිවේදනය කළේ.

ඒ මහතාගේ දේහය ඊයේ ජයරත්න මල්ශාලාවේ සිට නිදහස් චතුරශ්‍රය වෙත ගෙන එනු ලැබුවා.

ඊයේ පෙරවරු 10.00 සිට නිදහස් මන්දීරයේ තැන්පත් කර තිබෙන අමරදේවයන්ගේ දේහයට අද සවස 3.30 දක්වා මහජන ගෞරවය දැක්විය හැකි අතර ඉන්පසු සර්ව ආගමික කටයුතුවලින් පසු අවමංඟල උත්සව සභාව ඇරඹෙන බව එම සංවිධායක කමිටුවේ සාමාජික ප්‍රවීණ කලාකරු එඩ්වඩ් ජයකොඩි මහතා සදහන් කළා.
මෑත කාලීනව පමණක් නොව මෙරට ඉතිහාසයේ වසර දහස් ගණනක් පුරාවට බිහිවූ විශිෂ්ටතම ගාන්ධර්වයා ලෙසයි පණ්ඩිත් අමරදේවයන් සැලකෙන්නේ. එවන් වටිනා ගුරු තරුවක් දැයට අහිමිවීම දැඩි කණගාටුදායක අවස්ථාවකි.
ලක් දෙරණ මත බිහිවූ විශිෂ්ටතම ගාන්ධර්වයාණෙනි.. ඔබට අප පරම සැපත වන අමා මහ නිවන් සුව ප්‍රාර්ථනා කරන්නෙමු. – ලංකා ඒ නිවුස් කාර්ය මණ්ඩලය

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

ඔබගේ අදහස අපට කියන්න