අමරදේවයන් අමරණීය වස්තුවක් / ජේ සී අලවතුවල ශෝකය පලකරයි

හෙලයේ මහා ගාන්ධර්වයා වන පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව සූරින්ගේ අභාවය රටට මිල කළ නොහැකි පාඩුවක් බව කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ආණ්ඩු පක්ෂ සහකාර සම සංවිධායක ජේ සී අලවතුවල මහතා පවසනවා.
මන්ත්‍රීවරයා ලංකා ඒ නිවුස් වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ අමරදේව සූරින්ගෙන් මෙරට ගීත කලාවට මෙන්ම නව පරම්පරාවටද විශිෂ්ට මග පෙන්වීමක් හිමිවූ බවයි.
එතුමන්ගෙන් හිස්වූ අඩුව පිරවීමට කිසිදු ආදේශකයක් කිසිදා බිහිවනු ඇතැයි විශ්වාස කළ නොහැකි බවයි ජේ සී අලවතුවල මහතා කියා සිටියේ.
ජාති ආගම් කුල භේදයන්ගෙන් තොරව සමස්ථ ලාංකීය ජනතාවටම උරුම සම්පතක් වූ අමරදේවයන් සිය විශිෂ්ටත්වය හා නිහතමානීත්වය මුසුකරගත් ශ්‍රේෂ්ටයකු ලෙස ඉතිහාසයට එක්වනු ඇති බවයි මන්ත්‍රීවරයා සදහන් කළේ.
ලක් හදවත් නතර කරමින් අප අතරින් වෙන්ව ගිය ජාතියේ මහා ගාන්ධර්වයාට අමා මහ නිවන් සුව ප්‍රාර්ථනා කරන අතරම එතුමන්ගේ අභාවයෙන් ශෝකයට පත්ව සිටින පවුලේ ඥාතීන්ටද ශෝකය පල කරන බවයි ජේ සී අලවතුවල මහතා වැඩිදුරටත් කියා සිටියේ.

ඔබගේ අදහස අපට කියන්න

Close