මූල්‍ය නගරයට කෝටි විසි දහසක ආයෝජන

කොළඹ මූල්‍ය නගර ව්‍යාපෘතිය හරහා රටට රුපියල් කෝටි විසිදහස ඉක්මවන ආයෝජනයක් ඉදිරි වසර දෙක තුළ ළඟාවනු ඇතැයි ඇතැයි රජය විශ්වාසය පල කරනවා. මහානගර සහ බස්නාහිර පළාත් සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා සදහන් කළේ මේ අන්දමට සෘජු විදේශ ආයෝජන ගලා ඒමත් සමඟ, ආර්ථිකයේ ප්‍රබෝධයක් හටගනු ඇති බවයි.

පළමු ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ මූල්‍ය නගරය ලෙස ස්විට්සර්ලන්තය ගොඩනැඟුනා සේ, ආසියානු කලාපයේ නැඟී එන ආර්ථික හා මූල්‍ය කලාපය ලෙස කොළඹ ගොඩනැගෙනු ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ලක්සැම්බර්ග්, වෙයිජින් අයිලන්ඩ් , ඩුබායි, සිංගප්පූරුව වැනි මූල්‍ය නගර හා කරට කර ක්‍රියා කළ හැකි පරිද්දෙන් කොළඹ මූල්‍ය නගරය ගොඩනැඟීම සිදු කරන බවද කී ඇමැතිවරයා වසර 2020 වනවිට ශ්‍රී ලංකාව ආර්ථික සෞභාග්‍ය ළඟා කරගනු ඇති බවටයි විශ්වාසය පල කළේ.

ඔබගේ අදහස අපට කියන්න

Close