වසරකට පෙර මිය ගිය ස්වාමියාට තවමත් ආදරය කරන ආදරණීය බළලා

සුනඛයන් හා බළලුන් මිනිසාට අතිශයින්ම සමීපයි. එසේම තමන්ගේ හාම්පුතුන් විසින් ලබාදෙන ආහාරයට මනාව ගරු කරන කෙලෙහිගුණයක් සහිත සත්ත්ව කොට්ඨාශයන් ලෙසද ඔවුන් හැදින්විය හැකියි. එය වඩාත්ම තහවුරු කරන බළලකු සමබන්ධයෙන් මේ පුවත වාර්තාවන්නේ ඉන්දුනීසියාවෙන්.
මධ්‍යම ජාවාහී වාසය කළ කෙලී ප්‍රෙයිට්නෝ මරණයට පත්ව ඇත්තේ මීට වසරකට පෙරයි.ඒ වන විට ඔහු 28 වන වියේ පසුවුණා. ජීවත්ව සිටින සමයේ ඔහු ඉතාමත් ආදරයෙන් බළලකු ඇති දැඩි කළා. එහෙත් හදිසියේ ජීවිතයෙන් සමුගන්නට වීම හේතුවෙන් ඔහු සිය සුරතල් පූසා තනි කරමිනුයි නික්ම ගියේ.

එම සිද්ධියෙන් දැනට වසරක් ගතව ගොස් තිඛෙනවා. බොහෝ නෑදෑ හිතවතුන්ටද මිය ගිය තම සහෘදයා අමතකව ගොසින්. එහෙත් ඔහු අමතක නොකළ එක් අයකුද සිටියා. ඒ ඔහුගේ සුරතල් පූසායි.
කෙලී මිය ගිය දිනයේ පටන්ම මේ සුරතල් පූසා සෑම විටකම රැදී සිටින්නේ සිය හාම්පුතාගේ සොහොන මතයි. එතැනින් ඉවත් කිරීමටද අපහසු මේ බළලා ඉවත් කරන වාරයක් පාසා නැවත දිව එන්නේද සිය ස්වාමියා වෙතයි.
වසරක් ගතව යද්දී මිනිසුන්ට පවා අමතකව ගිය මිනිසෙක්ට මෙතරම් ආදරයක් දක්වමින් ඔහු අමතක නොකරන මේ බළලා බොහෝ දෙනකුගේ නෙතට එක්කරන්නේ කදුලක්. මේ එම ආදරණී්‍ය බව තහවුරු කරන සේයාරූ එකතුවයි.

grieving-cat-spends-year-owner-grave-1a

grieving-cat-spends-year-owner-grave-2agrieving-cat-spends-year-owner-grave-4grieving-cat-spends-year-owner-grave-3ajpg

One thought on “වසරකට පෙර මිය ගිය ස්වාමියාට තවමත් ආදරය කරන ආදරණීය බළලා

ඔබගේ අදහස අපට කියන්න

Close