ඇමති රාජිතගෙන් විශේෂ හෙළිදරව්වක්

පිළිකා රෝගීන් සඳහා නොමිලේ ලබාදෙන ඖෂධවල හිඟයක් ඇති බව ප්‍රකාශ කරමින් ඇතැම් වෛද්‍යවරුන් රජය අප්‍රසාදයට පත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බවට තොරතුරු හෙලිවෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ නිවේදනයක් නිකුත් කරමින්.

එලෙස පැමිණිලි ලැබී ඇති පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස අමාත්‍ය රාජිත සේනාරත්න සෞඛ්‍ය ලේකම්වරයාට දැනුම් දී ඇති බව නිවේදනයේ දැක්වෙනවා.

ඖෂධවල හිඟයක් ඇති හුවා දැක්වීමට උත්සාහ දැරීම තුළින් රෝගීන් තුළ අනියත බියක් මතුව ඇති බවත් සෞඛ්‍ය ඇමතිවරයා සදහන් කර තිඛෙනවා.

පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායම පසුගියදා ඩෙන්මාර්කයේ සංචාරයක නිරත වී ඇති බවත් එම සංචාරය සඳහා අනුග්‍රහය දක්වා ඇත්තේ පිළිකා ඖෂධ ආනයනය කරනු ලබන බහුජාතික සමාගමක් බවත් හෙළිව ඇති බවයි ඔහු කියා සිටියේ.
ඒ සම්බන්ධයෙන්ද සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍යවරයා තීරණය කර තිඛෙනවා. මේ අතර මහරගම අපේක්ෂා රෝහලේ ඇතැම් පිළිකා විශේෂඥ වෛද්‍යවරුන් රුසියාවෙන් ආනයනය කළ පිළිකා ඖෂධය භාවිතා නොකරන බවයි හෙළිව ඇත්තේ.  රුසියාවෙන් ගෙන්වන ලද ඖෂධ භාවිතා කිරීමෙන් වැළකී සිටින ලෙස වෛද්‍යවරුන් රෝගීන්ට ප්‍රකාශ කර තිබෙනවා.

“රජයේ ඕනෑම වෛද්‍යවරයෙක් රජය විසින් ලබා දෙන ඖෂධ රෝගීන් වෙත ලබා දීමට බැඳී සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

ඔබගේ අදහස අපට කියන්න

Close