මහින්දගේ ලිපි ගොනු රනිල් අතට ගනී / නැවතුණු පරීක්ෂණ ඇරඹෙයි

වත්මන් ඇමති චෝදනා ලැබූ ඇමතිවරුන්ගේ  හා පසුගිය රජයේ මැති ඇමතිවරුන්ගේ චෝදනා විමර්ෂණය සදහා පියවර ගන්නැයි අගමැතිවරයා අදාළ ආයතන දැනුවත් කර තිඛෙනවා.

එම සිද්ධීන්වලට අදාළ ලිපි ගොනු රැසක් විමර්ශනය කිරීම සඳහා මූල්‍ය අපරාධ කොට්ඨාසයට හා දූෂණ මර්දන කමිටුව නම් වන කැබිනට් අනුකමිටුව වෙත අග්‍රාමාත්‍යවරයා විසින් ලබාදී ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලයේ වාර්තා පවසන්නේ.

එම ලිපිගොනු අතර පසුගිය ජනාධිපතිවරණය සමයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමන්ගේ ඇමැති මණ්ඩලයේ දූෂිතයන් සිටි බවත් එම සිදුවීම්වලට අදාළ ලිපිගොනු තමන් සතුව තිබූ බවට පවසන ලද ලිපිගොනු ද ඇතැයි සදහන් වනවා.

මේ අනුව වත්මන් කැබිනට් මණ්ඩලයේ සිටින පසුගිය ආණ්ඩු සමයේ වගකීම් ඉසිලූ ශ්‍රීලනිප ඇමැතිවරු ගණනාවක් සම්බන්ධයෙන් ද විමර්ශන කටයුතු ආරම්භ කිරීමටයි නියමිතව ඇත්තේ.

පසුගිය සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ද අගමැතිවරයා දූෂණ චෝදනා ඇති ඇමැතිවරුන් සම්බන්ධ විමර්ශන කටයුතු ආරම්භ කරන බව දැඩිව අවධාරණය කර තිබුණා.

අගමැතිවරයා මෙහි දී තරමක ආවේගයෙන් කතා කර ඇත්තේ වත්මන් සම්මුතික ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා ඇතැම් ඇමැතිවරයකු හොර රහසේ කටයුතු කරන බවට ලැබී තිබෙන තොරතුරු අනුව බව ද පැවසේ.

එසේම පසුගිය කාලයේ ආණ්ඩුව හා අගමැතිවරයා ඉලක්ක කර ගනිමින් මාධ්‍ය මඟින් ගෙන ගිය ඇතැම් පදනම් විරහිත ප්‍රචාර සම්බන්ධයෙන් ද අගමැතිවරයා දෝෂ දර්ශනයට ලක් කර තිබුණා.

 

ඔබගේ අදහස අපට කියන්න

Close